sponsor

Slider

    Recent Tube

    Selecting a Career

    Tips

    Curriculum Vitae

      Courses

      Our Services

      • Written by Unknown

        CV Correction Service

        මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් ස...

        Read More

      Courses

      » » » සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග)
      Unknown


      කොටස 1
      කොටස 2
      කොටස 3

      සාමාන්‍යයෙන් CV එකකට ස්ථිර දිගක් නෑ.
      සමහරු කැමතියි තනි පිටුවෙ CV එකකට. සමහරු දෙකකට. සමහරු කියන්නෙ එහෙම ලිමිට් එකක් නෑ අයදුම් කරන රැකියාව, රැකියාවේ ස්වභාවය, පවතින සුදුසුකම් ප්‍රදර්ශනය කල යුතු ප්‍රමාණය අනුව දිග වෙනස් විය යුතුයි කියල.
      නමුත් ලංකාව සැළකුවම අවම වශයෙන් පිටු දෙකක CV එකක් අවශ්‍යයයි කියලයි මම හිතන්නෙ. පිටු 3 කියන එකත් ගැටළුවක් නෑ. හැබැයි පිටු 3කට වඩා නම් වැඩි නොවෙන තරමට හොඳයි. මොකද දිග වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බලන කෙනාට කරදරයි, වෙලාව ගොඩක් යනව, ටිකක් බලාගෙන යනකොට එපා වෙනව, ඔය වගේ ගැටළු එනව.

      හරි.

      ඔයාට පිටු 2, 3ක් දාන්න තරම් විස්තර නෑ. මොකද කරන්නෙ???? 
      පොඩි ගැටළුවක් තමයි. දාන්න විස්තර නැත්තෙ ඇයි? 
      ඔයාට අධ්‍යාපන සුදුසුකම්, අත්දැකීම්, රැකියා ඉතිහාස, වෙන විස්තර නැද්ද?
      ඒකට කමක් නෑ. නමුත් ඔබ අයදුම් කරන රැකියාවට ගැළපෙන මොනවා හරි දේවල් තිබෙනවා නම් ඒව පිළිවෙළකට ගලපල සිත් ඇදගන්නා ආකාරයකට පෙන්වන්න. ටිකක් line spacing වැඩි කරන්න. අනවශ්‍ය තරම් වැඩි කරන්න එපා. පිටුවෙ margins පොඩ්ඩක් වැඩි කරන්න.

      ඔයාට විස්තර තිබෙනවා පිටු 2-3කට.
      එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට ලස්සනට පිළිවෙලට ඒව පෙළ ගස්වල හොඳ CV එකක් හදාගන්න.

      සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting

      • ඇහැට පැහැදිලිව පෙනෙන official font එකක් භාවිතා කරන්න. Time New Roman, Cambria, Sans Serf තමා ඒ වගේ fonts. මම නම් රෙකමදෝරු කරන්නෙ Cambria. ඒක පැහැදිලියි, ඇහැට ප්‍රියමනාපයි. Office 2007 එක්ක ආපු Calibri font එකත් දැන් ගොඩක් අය භාවිතා කරනව. නමුත් ඒක official font එකක ගති ලක්ෂණ නැති ෆොන්ට් එකක්. ඒ නිසා ඒක භාවිතා කරන්න එපා කියන එකයි මගෙ අදහස නම්. 
      • Font Size එක 10-11 තමයි හොඳම ගාණ. ප්‍රධානම මාතෘකා වලට 14 points, හා අතුරු මාතෘකා වලට 12 points හෝ 11 points bold භාවිතා කරන්න.
      • Page Margins වමෙන් 2.54cm හා අනෙක් තුන් පැත්තෙන් 1.27cm තියන්න. මේව නීති නෙමෙයි, හොඳ ගනං. ඉතින් පොඩ්ඩක් එහා මෙහා උනා කියල කිසිම ගැටළුවක් නෑ.

      මගෙ CV එක පිටු 3 පනිනවනෙ.
      ටිකක් අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
      "කොහොමද අඩු කරන්නෙ??? මේ ඔක්කොම දේවල් මට දාන්න ඕනෙනෙ."

      මෙහෙම කරල බලමු ටිකක්.
      Page Margins ටිකක් අඩු කරන්න. Font Size එක 0.5ක් වගේ අඩු කරල බලන්න. නැත්තම් 1 point වලින්. Line Spacing ටිකක් අඩු කරල බලන්න. වගු භාවිතා කල හැකි තැන් වලට වගු භාවිතා කරන්න. වගු භාවිතා කරනව නම් තව column එකක් එකතු කරල තව ඉඩ ගන්න පුළුවන්ද බලන්න. 
      මේ දේවල් හරියන්නෙ නැති නම් ඔයාගෙ CV එකේ අන්තර්ගතයට අත තියන්න වෙනවා. අන්තර්ගතයේ වචන පොඩ්ඩක් වෙනස් කරල වාක්‍ය කිහිපයක් ටිකක් කොට කරන්න උත්සාහ කරන්න. ඔයාගෙ CV එක ඉතාම හොඳින් කියවල, ඔයාට වටිනාකමක් එකතු කරන්නෙ නැති කොටස් තිබෙනවා නම්, වචන/වාක්‍ය තිබෙනවා නම් ඒවා ඉවත් කාර්න්න/වෙනස් කරන්න. 

      අධ්‍යාපනික ක්ෂේත්‍රයේ රැකියා, හුඟක් තාක්ෂණික දේ සම්බන්ධ රැකියා වලට අයදුම් කරන අයට CV එකට ඇතුළත් කල යුතු දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්ෂේත්‍ර වල අයගෙ CV ටිකක් දිග උනාට කමක් නෑ. මොකද ඒ වගේ ඒව කොට කරන එක තමන්ටම පාඩු නිසා. 

      අමතර දෙයක්,
      CV එකේ අන්තර්ගතය, වගු හා bulleted lists වලින් දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. කවුරුවත් කැමති නෑ දිග ඡේද කියවන්න. (මේව ගැන ඉදිරියට තව ගොඩක් කතා කරනව. )

      ඊලඟට කතා කරමු CV එක හදද්දි තවත් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු දේවල් ගැන.



      මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

      ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

      «
      Next
      ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01
      »
      Previous
      සාර්ථක CV එකක් සාදා ගනිමු - 3 (සාර්ථක CV එකක් කොහොම විය යුතුද)
      Pages 7123456 »

      3 comments:

      1. වටිනා ලිපි පෙලක් :)

        ReplyDelete
      2. සී වී ෆෝ මැට් එකක් දෙන්න පුළුවන් නම් තව හොඳයි... මම නම් සාර්ථක සීවී එකක හිමි කාරියක්. පිටු තුනක

        ReplyDelete

      ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.