sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

CV Correction Service

මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් සඳහා එක් වරක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

එය ඔබ කියෙව්වේ නැති නම් මෙම සබැඳියෙන් ඒ පිළිබඳ විස්තර බලන්න.
http://careerguidancelk.blogspot.com//2015/12/lets-win-the-job-market-ebook.html

මොකද්ද මේ CV Correction Service එක?


ඔයාල රැකියාවකට අයදුම් කරන්න සූදානම් වෙලා දැන් ඔයාල CV එක හදන්නයි ලෑස්ති වෙන්නෙ. නමුත් ඔයාට මේක හරියටම හදාගන්නෙ කොහොමද කියල හරිම අදහසක් නෑ. හදන CV එකේ ඉංග්‍රීසි අකුරු හරිද, ව්‍යාකරණ හරිද කියල බලාගන්නට හොඳ කෙනෙක් නෑ.

ඉතින් ඔබ මොකද කරන්නෙ?
එන්න අපේ ලඟට. 
අපි සූදානම් ඔයාගෙ CV එක හරියට හදල දෙන්න.

හරියට Layout එක හදල, හොඳ Color Theme එකක් දාල, හරියට අක්ෂර වින්‍යාසය නිවැරදි කරල, ව්‍යාකරණ නිවැරදි කරල හොඳ CV එකක් ඔබට හදල දෙනව. 

ඔබ මේ සේවාව ලබා ගන්නේ පහත ආකාරයටයි.
  1. මුලින්ම careerguidancelk [at] mail[dot] com වෙත ඔබගේ CV එක එවන්න. එය හරියටම හදල තිබෙන්නට අවශ්‍ය නෑ. නමුත් ඇතුළත් කළ යුතු සියළුම විස්තර ඇතුළු කරන්න.
  2. ඒ ඊ මේල් එකෙහි, ඔබ අයදුම් කරන්නට සූදානම් වන රැකියා ඇබෑර්තුව ගැනත්, ඊට ඉල්ලුම් කිරීමට ලබා දී ඇති අවසන් දවසත් යන විස්තර ඇතුළු කළ යුතු වනවා. (ඒවා නැති නම් අවශ්‍ය වන්නේ නෑ)
  3. ඉන්පසු ඔබගේ ඊ මේල් ලිපිනයට මා ගෙවීම් සිදු කළ යුතු විස්තර එවනවා. 
  4. මේ සඳහා ඔබ රු.250ක ගෙවීමක් (Introductory Price) සිදු කළ යුතු වනවා. එය ඔබට Paypal, eZCash, mCash, Bank Transfer හරහා සිදු කළ හැකියි.
  5. ඔබගේ ගෙවීම තහවුරු වූ පසු ඔබගේ CV එක නිවැරදි කරන්නට මම ආරම්භ කරනවා. 
  6. ලැබෙන ඉල්ලුම්පත්‍ර අනුව ඔබගේ CV එක නිවැරදි කිරීමට දින 2-3ක දක්වා කාලයක් ගත විය හැකියි. ඒ නිසා ඇබෑර්තුවට ඉල්ලුම් කරන්නට ලබා දී ඇති අවසන් දිනයට දින 4ක්වත් පෙර ඔබගේ විස්තර එවන මෙන් ඉල්ලා සිටිනවා. 

ඔබගේ ඊ මේල් ලිපිනය, අනාගතයේදී අප විසින් ලබා දීමට සැලසුම් කරන පහසුකම් වල විස්තර එවීම වෙනුවෙන් අපි සුරැකුම් කරගනු ලබනවා.

COVER LETTER එකක් නිවැරදිව සාදාගනිමු


Cover Letter එකක් කියන්නෙ ඔබගේ රැකියා අයදුම්පත්‍රයත් එක්ක යවන ලියුමක්. මේකෙ තියෙන්නෙ ඔබ මේ අයදුම් කරන රැකියාව මොකද්ද කියන එකත්, ඔබ මීට කෙතරම් ගැළපෙනවාද කියන විස්තර ගැන ඉතාම කෙටි හැඳින්වීමක්. මේක හරියට ලිව්වෙ නැතිනම් මේක කියවපු ගමන් ඔබගේ අයදුම්පත්‍රය කුණු බක්කියට යන්නට වුවත් ඉඩ තිබෙනවා.
අපි සරල උදාහරණයක් බලමු.

<‍Your Address>

<Their Address>

Dear Sir/Madam,

APPLYING FOR THE POST OF QUALITY ASSURANCE EXECUTIVE

With reference to your advertisement published on Sunday observer on 10th April, 2016, I would like to apply for the post of “Quality Assurance Executive” at your company.

I am a ……………………… graduate from the University of ……………………, with the requirements you were asking for. I am a good team player with good leadership abilities, and with better soft skills and management skills required by you.

I have studied “Ceramic Technology”, “Refractory and Kiln Technology” modules at the university and am competent with the knowledge and will be able to apply them to the improvement of the processes and qualities at the factory.

I have successfully completed “Total Quality Management” module at the university and have followed a course in “Internal Auditing as per ISO 9001” at SLSI and also carries work experience with relate to ISO 9001:2008, ISO 14001:2004 and OHSAS 18001:2007.

I assure that the opportunity given to me at your company will allow me to apply my experience and knowledge to the benefit of the success and profitability to your organization and I would be grateful if I am given a chance to an interview at a convenient time.

Thanking you in advance.

Yours faithfully,

<Signature>
<Your Name>

 බලන්න මොනවද අපි මේකෙ කියල තියෙන්නෙ කියල.

මුලින්ම අපි මේ අයදුම් කරන්නෙ මොකටද කියල තියෙනව. මොකද සමහරවිට එම ආයතනය රැකියා ඇබෑර්තු කිහිපයක්, පුවත්පත් කිහිපයක, වෙබ් අඩවි කිහිපයක පල කර තිබෙන්නට පුළුවන්. ඉතින් ලිපියේ පළමු පේළියෙම ඔවුන්ට පුළුවන් මේ කුමන ඇබෑර්තුව වෙනුවෙන් ආපු අයදුම්පත්‍රයක්ද කියල වෙන් කරල අදාල ෆයිල් එකට කෙලින්ම යොමු කරන්න.

ඊට පස්සෙ අපේ උපරිම අධ්‍යාපනික සුදුසුකම, අයදුම් කළ රැකියාවට අදාල වන ආකාරයේ අනෙකුත් professional qualifications, අපේ soft skills ගැන පේළි කිහිපයකින් කෙටියෙන්ම පවසනවා. අපි ඔවුන්ගේ රැකියා ඇබෑර්තුවට කෙතරම් සුදුසුද යන්න කෙටියෙන්ම පවසනවා.

ඊට පස්සෙ ඔවුන්ගේ ඇබෑර්තුවට ඔබව තෝරා ගත්තොත් කෙතරම් ඔවුන්ට ඔබව වටිනවාද කියල අපි කියල, පුළුවන් නම් සම්මුඛ පරීක්ෂණයකට ඉඩක් දෙන්න කියල ඉල්ලා සිටිනවා.


මේ තොරතුරු ටික අඩු වැඩි වශයෙන් අනිවාර්යයෙන්ම cover letter එකක ඇතුළත් විය යුතු වෙනවා.

සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග)


කොටස 1
කොටස 2
කොටස 3

සාමාන්‍යයෙන් CV එකකට ස්ථිර දිගක් නෑ.
සමහරු කැමතියි තනි පිටුවෙ CV එකකට. සමහරු දෙකකට. සමහරු කියන්නෙ එහෙම ලිමිට් එකක් නෑ අයදුම් කරන රැකියාව, රැකියාවේ ස්වභාවය, පවතින සුදුසුකම් ප්‍රදර්ශනය කල යුතු ප්‍රමාණය අනුව දිග වෙනස් විය යුතුයි කියල.
නමුත් ලංකාව සැළකුවම අවම වශයෙන් පිටු දෙකක CV එකක් අවශ්‍යයයි කියලයි මම හිතන්නෙ. පිටු 3 කියන එකත් ගැටළුවක් නෑ. හැබැයි පිටු 3කට වඩා නම් වැඩි නොවෙන තරමට හොඳයි. මොකද දිග වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බලන කෙනාට කරදරයි, වෙලාව ගොඩක් යනව, ටිකක් බලාගෙන යනකොට එපා වෙනව, ඔය වගේ ගැටළු එනව.

හරි.

ඔයාට පිටු 2, 3ක් දාන්න තරම් විස්තර නෑ. මොකද කරන්නෙ???? 
පොඩි ගැටළුවක් තමයි. දාන්න විස්තර නැත්තෙ ඇයි? 
ඔයාට අධ්‍යාපන සුදුසුකම්, අත්දැකීම්, රැකියා ඉතිහාස, වෙන විස්තර නැද්ද?
ඒකට කමක් නෑ. නමුත් ඔබ අයදුම් කරන රැකියාවට ගැළපෙන මොනවා හරි දේවල් තිබෙනවා නම් ඒව පිළිවෙළකට ගලපල සිත් ඇදගන්නා ආකාරයකට පෙන්වන්න. ටිකක් line spacing වැඩි කරන්න. අනවශ්‍ය තරම් වැඩි කරන්න එපා. පිටුවෙ margins පොඩ්ඩක් වැඩි කරන්න.

ඔයාට විස්තර තිබෙනවා පිටු 2-3කට.
එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට ලස්සනට පිළිවෙලට ඒව පෙළ ගස්වල හොඳ CV එකක් හදාගන්න.

සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting

  • ඇහැට පැහැදිලිව පෙනෙන official font එකක් භාවිතා කරන්න. Time New Roman, Cambria, Sans Serf තමා ඒ වගේ fonts. මම නම් රෙකමදෝරු කරන්නෙ Cambria. ඒක පැහැදිලියි, ඇහැට ප්‍රියමනාපයි. Office 2007 එක්ක ආපු Calibri font එකත් දැන් ගොඩක් අය භාවිතා කරනව. නමුත් ඒක official font එකක ගති ලක්ෂණ නැති ෆොන්ට් එකක්. ඒ නිසා ඒක භාවිතා කරන්න එපා කියන එකයි මගෙ අදහස නම්. 
  • Font Size එක 10-11 තමයි හොඳම ගාණ. ප්‍රධානම මාතෘකා වලට 14 points, හා අතුරු මාතෘකා වලට 12 points හෝ 11 points bold භාවිතා කරන්න.
  • Page Margins වමෙන් 2.54cm හා අනෙක් තුන් පැත්තෙන් 1.27cm තියන්න. මේව නීති නෙමෙයි, හොඳ ගනං. ඉතින් පොඩ්ඩක් එහා මෙහා උනා කියල කිසිම ගැටළුවක් නෑ.

මගෙ CV එක පිටු 3 පනිනවනෙ.
ටිකක් අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
"කොහොමද අඩු කරන්නෙ??? මේ ඔක්කොම දේවල් මට දාන්න ඕනෙනෙ."

මෙහෙම කරල බලමු ටිකක්.
Page Margins ටිකක් අඩු කරන්න. Font Size එක 0.5ක් වගේ අඩු කරල බලන්න. නැත්තම් 1 point වලින්. Line Spacing ටිකක් අඩු කරල බලන්න. වගු භාවිතා කල හැකි තැන් වලට වගු භාවිතා කරන්න. වගු භාවිතා කරනව නම් තව column එකක් එකතු කරල තව ඉඩ ගන්න පුළුවන්ද බලන්න. 
මේ දේවල් හරියන්නෙ නැති නම් ඔයාගෙ CV එකේ අන්තර්ගතයට අත තියන්න වෙනවා. අන්තර්ගතයේ වචන පොඩ්ඩක් වෙනස් කරල වාක්‍ය කිහිපයක් ටිකක් කොට කරන්න උත්සාහ කරන්න. ඔයාගෙ CV එක ඉතාම හොඳින් කියවල, ඔයාට වටිනාකමක් එකතු කරන්නෙ නැති කොටස් තිබෙනවා නම්, වචන/වාක්‍ය තිබෙනවා නම් ඒවා ඉවත් කාර්න්න/වෙනස් කරන්න. 

අධ්‍යාපනික ක්ෂේත්‍රයේ රැකියා, හුඟක් තාක්ෂණික දේ සම්බන්ධ රැකියා වලට අයදුම් කරන අයට CV එකට ඇතුළත් කල යුතු දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්ෂේත්‍ර වල අයගෙ CV ටිකක් දිග උනාට කමක් නෑ. මොකද ඒ වගේ ඒව කොට කරන එක තමන්ටම පාඩු නිසා. 

අමතර දෙයක්,
CV එකේ අන්තර්ගතය, වගු හා bulleted lists වලින් දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. කවුරුවත් කැමති නෑ දිග ඡේද කියවන්න. (මේව ගැන ඉදිරියට තව ගොඩක් කතා කරනව. )

ඊලඟට කතා කරමු CV එක හදද්දි තවත් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු දේවල් ගැන.



මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

සාර්ථක CV එකක් සාදා ගනිමු - 3 (සාර්ථක CV එකක් කොහොම විය යුතුද)

සාර්ථක CV එකක් කොහොම විය යුතුද?


හොඳ CV එකක්, සාර්ථක CV එකක් හදන්න කියල හරියටම කියන්න පුළුවන් ක්‍රමයක් නෑ. 

නමුත් මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි කියල කියන්න පුළුවන්.

  • ඔබ අයදුම් කරන රැකියාවට එය විශේෂිත විය යුතුයි. රැකියා 10කට ඔබ අයදුම් කරනවා නම් ඒ 10ටම එකම CV එක දාන්න බෑ. (එක සමානම රැකියා අවස්ථා හැර) මොකද විවිධ රැකියා සඳහා තිබෙන අවශ්‍යතා වෙනස් නිසා.
  • පැහැදිලිව, පිරිසිදුව තර්කානුකූලව පිළිවෙළකට සැකසූ, පහසුවෙන් කියවිය හැකි ආකාරයට එය සැකසිය යුතුයි. අපිළිවෙළට සැකසූ CV එකක් කියවන්න කවුරුත් කැමති නෑ.
  • එහි තිබිය යුතු සියළුම තොරතුරු තිබිය යුතු අතර කෙටි විය යුතුයි. කිසිම කෙනෙක් කැමති නෑ රචනා වගේ CV කියවන්න.
  • එය අන්තර්ගතය, අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ යන ඒවායින් නිවැරදි විය යුතුයි. බොරු දාන, හරියකට දෙයක් ලියාගන්න බැරි කෙනෙක්ව වැඩට ගන්න කවුරුවත් කැමති නෑ. ඔබගේ භාෂා ඥාණය හොඳ යයි ඔබ CV එකෙහි සඳහන් කර ඇතිනම් මෙය තවත් වැදගත්.
  • හොඳ කඩදාසියක ඔබගේ CV එක මුද්‍රණය කරගන්න. දුර්වර්ණ වූ, පොඩි වුනු කඩදාසි වල CV දුන්නොත් එතනින්ම ඔබගේ නොසැළකිළිමත් බව ප්‍රදර්ශනය වනවා. 


තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
සේවා යෝජකයින් එක්ක කරල තිබෙන සමීක්ෂණයකින් මෙවන් තොරතුරු ටිකක් සොයාගෙන තිබෙනවා.

  • ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස වැරදි (56%ක් සේවා යෝජකයින්ට මෙමෙ වරද අසු වෙලා තිබෙනවා) ඉහතත් මේ ගැන කියවුනා. ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාස නිවැරදිව CV එක සෑදිය යුතුයි. ඔබට ඒ පිළිබඳ ගැටළු තිබෙනවා නම් හොඳ භාෂා දැනුමැතියෙක්ගෙන් ඔබගේ CV එක නිවැරදි කරගන්න. 
  • ඉල්ලුම් කරන රැකියාවට අදාල වන ආකාරයට සාදා නෑ. (21%ක්) මේකත් ඉහත කතා කළා. එක රැකියාවකට හදන CV එකක් තවත් රැකියාවකට නොගැළපෙන්න පුළුවන්. ඉතින් ඔබ රැකියා කිහිපයකට ඉල්ලුම් කරනවා නම් ඒවාට ගැලපෙන ලෙස වෙන වෙනම CV සෑදිය යුතුයි. ඒත් එක්කම කියන්න ඕනෙ නෑනෙ, ඒව පටළවගන්නෙ නැතිව තියාගෙන සම්මුඛ පරීක්ෂණයට, අදාල එක අරන් යන්න ඕනෙ කියන එක.
  • CV එකෙහි දිග හරි හැටි තේරුම් අරගෙන නෑ සහ දුර්වල පෙර රැකියා ඉතිහාසයක් (16%). CV එක ඕනෙවට වඩා කෙටි උනොත් ඔබගේ දුර්වලතාවයක් ඒක. තම පළමු රැකියාවට යන පුද්ගලයෙක්ට උනත් පාසලේ, විශ්ව විද්‍යාලයේ, වෙනත් ආයතනයකදී කල දේවල් පිළිබඳ CV එකට ඇතුලත් කළ හැකි විය යුතුයි. එහෙම කියල ඔනෙ එකයි එපා එකයි ඔක්කොම දාන්න එපා. ගැළපෙන දේවල් දාන්න. රැකියා කිහිපයක් කරල තවත් රැකියාවකට මාරු වෙන කෙනෙක් නම්, පෙර රැකියා වල කල දේවල් පිළිවෙලකට එකතු කරල තියන්න. පෙර රැකියා හරි හැටි කරල නැතිනම් උබට හොඳ ලකුණක් නම් ලැබෙන එකක් නෑ.
  • CV එකෙහි Format එක නිවැරදිව සකසා නෑ හා bullets භාවිතා කරල නෑ. (11%). CV එක තුල පිළිවෙලක් තිබිය යුතුයි. එක් එක් කොටස් පැහැදිලිව වෙන් කරල, එක කොටසක් තුළ දේවල් කියනකොට bullets and numbering හරි හැටි භාවිතා කරල හැදුවෙ නැතිනම් බලන කෙනාටත් එපා වෙනව.
  • තම නිපුණත්වයන් දක්වා නෑ (9%). ඔබට තිබෙන හැකියාවන්, ඔබගේ ධාරිතාවය දක්වන දේවල් අනිවාර්යයෙන් CV එක තුල තිබිය යුතුයි. ඒවත් ඉල්ලුම කරන රැකියාවට අදාල ඒවා පමණයි.
  • අයදුම්කරුවා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක හා ඊ මේල් ලිපින වල ගැටළු (8%). දුරකථන අංකයක් යෙදුවොත් එය කාර්යයාලීය වේලාවන් තුළ සැමවිටම ක්‍රියාකාරීව තිබිය යුතුයි. ඔබ ඉල්ලුම් කළ රැකියාවේ සේවා යෝජකයා ඔබට කොයි වෙලේ කතා කරයිද දන්නෙ නෑනෙ. අනිත් එක ඊමේල් ලිපිනය. වැදගත් පෙනුමක් තිබෙන ඊ මේල් ලිපිනයක් නැතිනම් අලුතින් හෝ සකසා ගන්න. සමහරු හුරතල් නම් කොටස් දාල, Code Names කොටස් දාල තමන්ගෙ ඊ මේල් ලිපින සකසා ගන්නව. සමහරු අමුතු domain තියෙන ඊ මේල් පහසුමක් භාවිතා කරනවා. ඒව එකක්වත් CV එකට දාන්න එපා. ඔබගේ නම තිබෙන professional email address එකක් සකසා ගන්න. 
  • අවිනිශ්චිත අනාගත අරමුණු / පුද්ගලික profile එකක් යොදා තිබීම (5%). ඔබට පැහැදිලි අනාගත ඉලක්කයක් තිබිය යුතුයි. එහෙම ඉලක්කයක් නැති කෙනෙක් අරගෙන යම් සමාගමකට වැඩක් තියෙනවද??? අනිත් එක, ඔබ හරි හැටි ඔබව හඳුනාගෙන හොඳ Personal Profile එකක් සකසා ගත යුතුයි. වචන 150ක පමණ ඡේදයක් ප්‍රමාණවත්. 
  • සාවද්‍ය තොරතුරු එක් කර තිබීම. (2%). බොරු ලිව්වොත් නම් ඔබ අමාරුවෙ. ඒ නිසා කවදාවත් බොරු නම් දාන්න එපා. 
  • (නොගැලපෙන) ඡායාරූපයක් යොදා තිබීම (1%). සමහර සේවා යෝජකයින් ඡායාරූපයක් යොදනවට කැමති නෑ, සමහරු ඡායාරූපය බලල විතරක් ඔබව මනිනව. ඉතින් කෝකටත් හොඳයි ඡායාරූපයක් නොදා ඉන්න එක. (රැකියාවට රූපය අදාල නම් දැම්මට කමක් නෑ)

ඊලඟට කතා කරමු CV එකෙහි දිග ගැන.
මේ ලිපි මාලාව අවසානයේදී ඔබට හැකි වෙයි, ඉතාම ශක්තිමත් CV එකක් හදාගන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.


මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

සාර්ථක CV එකක් සාදා ගනිමු - 2 (අන්තර්ගතය)

මුල් ලිපියෙන් මේ විෂයට ප්‍රවේශයක් ගත්තනෙ. එදා කිව්ව CV එකක තියෙන්න ඕනෙ දේවල් ගැන. අද ඒව ලියන හැටි සවිස්තරාත්මකව කතා කරමු. 

CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද කියල අපි එදා ලිපියෙ කිව්ව පිළිවෙළට කතා කරමු.

0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)
මෙතනදි ඔයාගෙ භාවිත නාමය (මුළු නම යොදන්න අවශ්‍ය නෑ. උදා: ඔයාගෙ නම "ජයරත්න මුදියන්සේලාගේ සුනිල් ජයරත්න" කියල හිතමු. නමුත් ඔයා සාමාන්‍යයෙන් භාවිතා කරන්නෙ "සුනිල් ජයරත්න" කියල නම්, අන්න ඒක මෙතන දාන්න.)

ඒත් එක්කම ඔබව සෘජුවම සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකතන අංකයක්, ඊ මේල් ලිපිනයක්, ඔබගේ පුද්ගලික වෙබ් අඩවියක් / ඔන්ලයින් ප්‍රොෆයිල් එකක් තිබෙනවා නම් ඒකත් මෙතන දාන්න පුළුවන්. ඔබගේ CV එකේ ඉහළින්ම තියෙන්න ඕනෙ මේක. සමහර වෙලාවට මේක වම් පසින් යොදනවා, ඒත් ගැටළුවක් නෑ.
තව එකක්. සමහර අය මෙතනදි ඡායාරූපයකුත් යොදා ගන්නවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබගේ රූපය රැකියාවට යම් බලපෑමක් කරන එකක් නම්, රැකියාවට රූපයේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඡායාරූපයක් භාවිතා කරන්න. (උදා: ඔබ මේ අයදුම් කරන්නේ Receptionist, Front Office Manager වගේ රැකියාවකට නම් රූපයේ බලපෑමක් තිබෙනවා.) ඒත් එක්කම, සමහර සේව්‍යයන්, රූපය බලල එතනින්ම ඔබට සම්මුඛ පරීක්ෂණයකට කතා කරනවද නැද්ද කියන එක තීරණය කරනව. ඉතින් ධනාත්මක පැත්තට පමණක් බලපානවනම් පමණක් ඡායාරූපයක් එකතු කරන්න.
එහෙම ඡායාරූපයක් එකතු කරනවා නම් ඒක professional ආකාරයට ගත්තු එකක් වෙන්නත් ඕනෙ. ට්‍රිප් එකක් ගිය වෙලාවක, යාළුවො සෙට් උනු වෙලාවක වගේ ගත්තුව දාන්න එපා.

1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)
මේක ඉතාම වැදගත් දෙයක්. මෙහෙම එකක ලොකු වටිනාකමක් තිබෙනවා. ඒක ඔයා ගැන ඔයාගෙ අනාගත වෘත්තීය සැලසුම් ගැන ඔබගේම වචනයෙන් කියන කෙටි හැඳින්වීමක්. ඉතින් ඒක නරක නම් ඔයාගෙන් ඒ සේව්‍යයාට වැඩක් නෑ. ඔබ හොඳ ඉලක්ක තබාගෙන තිබෙන කෙනෙක් නම් ඒක ඔයාට වාසියක්. හැබැයි මේ ඉලක්ක තාත්වික වෙන්නත් ඕනෙ, සහ ඔබගෙන් ඒ ඉලක්ක වලට යන්න ඔබගේ සැලසුම් මොනවාද කියල ඇහුවොත් ඔබට පිළිතුරු දෙන්නත් පුළුවන් වෙන්න ඕනෙ.

තව වැදගත් දෙයක් තමයි, මේක ටික ටික වෙනස් වෙන්න පුළුවන් ඔබ අයදුම් කරන රැකියාවට අනුව. 
උදා: මාකටිං සම්බන්ධ එකකදි ඔයාගෙ ඉලක්කය වෙන්න පුළුවන් ලංකාවෙ ඉන්න හොඳම Marketer කෙනෙක් වෙනව කියන එක. නමුත් ඒක හරියන්නෙ නෑනෙ ඉංජිනේරුවෙක්ට. අන්න ඒ වගේ.
ඒත් එක්කම මේ ඉලක්කයේ තියෙන්න ඕනෙ එකක් තමයි, "රැකියාව කරන සමාගමට ඉහළම සේවයක් කරමින් ඉදිරියට යනවා" වගේ අදහසක් දෙන දෙයක්. එතකොට ඔයාගෙ CV එක බලන සේව්‍යයාට ඔබ ගැන කැමැත්තක් ඇති වෙනවා.

2. Professional Experience  (වෘත්තීයමය අත්දැකීම්)
මේ ඔබගේ CV එක බලන පුද්ගලයා විශේෂයෙන්ම බලන දෙයක්. මොකද වෘත්තීය අත්දැකීම් ජොබ් එකට ඕනෙ කරන ප්‍රධානම දේ වලින් එකක්. 
ඉතින් මේක ලියනකොට හොඳ පරිස්සමින් ලියන්න ඕනෙ. developed, planned, organised වගේ ක්‍රියා පද භාවිතා කරමින් ලියන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද එතකොට තමයි ඒකෙ වැදගත්කම එන්නෙ.


උදා: නිකම්ම Quality Control Officer කියල කියන්නෙ නැතිව, ඒක ටිකක් විස්තරාත්මකව කියන්න. Accessed the Quality of products, Developed quality limits for the products, as a Quality Control Officer for 2 years. මෙන්න මේ වගේ. 
එතකොට ඔයා ඒ ජොබ් එකේ ඉන්නකොට කළේ මොනවද කියලත් තියෙනවනෙ.

හෝටලේක වැඩ කළා කියන එක පවා එක්තරා වෘත්තීය අත්දැකීමක්. එන පාරිභෝගිකයා සතුටු කිරීම, කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම වගේ මානව සබඳතා තිබෙන ක්‍රියාකාරකම් තිබෙන රැකියාවක්නෙ. හැබැයි එහෙම නොවන දේවල් ලියන්න එපා. (පිරිසිදු කිරීම, භාණ්ඩ පිළිවෙල කිරීම වගේ දේවල්)
සැමවිටම මේ දේවල් ලියනකොට ඔබ දැන් මේ අයදුම් කරන රැකියාවට ගැළපෙන විදිහට ලියන්න. ඊට නොගැළපෙන දේවල් ලියන්න එපා, පොඩිම හරි සම්බන්ධයක් නැති නම්. මොකද සේව්‍යයාට වැදගත් වෙන දේවල් විතරයි අපි ලියන්න ඕනෙ. 

3. Professional Qualifications  (වෘත්තීයමය සුදුසුකම්)
ඉහත අංක 2ට පස්සෙ සේව්‍යයන් බලන  වැදගත්ම දේ තමයි මේක. මොනවද තිබෙන වෘත්තීය සුදුසුකම් කියන එක. මේ කියන්නෙ අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් සළකන වෘත්තියට අදාලව ඔබගේ සුදුසුකම් මොනවාද කියන එක. 
මෙතන අධ්‍යාපනික කිව්වෙ සෘජුවම අධ්‍යාපනික සුදුසුකම් නෙමෙයි, වෘත්තීයමය වන අධ්‍යාපනික සුදුසුකම්. ඒ කියන්නෙ ඔබ වෘත්තීයමය පාඨමාලා හදාරා තිබෙනවා නම් ඒ වගේ දේවල්. 
උදා: ඔබ HR Manager, HR Executive වගේ රැකියාවකට අයදුම් කරනවා නම් මානව සම්පත් කළමණාකරණය පිළිබඳව ඔබ යම් පාඨමාලා වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒ දේවල් මෙතන දාන්න ඕනෙ. ඔබ Technician / Electrician වගේ රැකියාවකට ඉල්ලුම් කරනවා නම්, ඔබ යම් Technical Courses හදාරා තිබෙනවා නම් ඒව මෙතන ලියන්න ඕනෙ. 
ඊට අමතරව ඉල්ලුම් කරන වෘත්තියට අදාලව Seminars, Workshops වලට සම්බන්ධ වෙලා තිබෙනවා නම් ඒවාත් මෙතන දාන්න පුළුවන්. 

4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)
මේක නම් මොකද්ද කියල ඔබ කවුරුත් දන්නව. ඔබගේ විධිමත් අධ්‍යාපනික සුදුසුමම් මෙතන යොදන්න අවශ්‍යයයි.

මේක හදනකොට මුලින්ම දාන්න ඕනෙ අවසන්ම අධ්‍යාපන සුදුසුකමයි.
උදා: ඔබ විශ්ව විද්‍යාල උපාධිධාටියෙක් නම්, මුලින්ම විශ්ව විද්‍යාල උපාධිය, දෙවනුව උසස් පෙළ, තෙවනුව සාමාන්‍ය පෙළ ආකාරයටයි ලිවිය යුත්තේ. සාමාන්‍ය පෙළට වඩා පහළ ඒවා කිසිවක් යොදන්නට එපා. ඒවා අනවශ්‍යයි.

5. Achievements (වෙනත් ජයග්‍රහණ)
ක්‍රීඩා, වෙනත් තරඟ, සහතිකපත්, publications, research වගේ දේවල් තමයි මේ යටතට එන්නෙ. ඔබ ක්‍රීඩා ජයග්‍රහණ, වෙනත් තරඟ විභාග, තරඟ ජයග්‍රහණ ලබා තිබෙනවා නම් ඒවා මේ යටතේ යොඟන්න පුළුවන්.

උදා: සමස්ථ ලංකා මීටර් 100 ස්ථානයක් දිනල තියෙනව නම්, පළාත් නව නිර්මාණ කරුවන්ගේ තරඟයෙන් සහතිකපතක් ලබා ගැනීමක්, Australian Chemistry Quiz ජයග්‍රහණයක්, ඔබගේ සමීක්ෂණ වාර්තාවක් යම් ප්‍රසිද්ධ සඟරාවක පළ වීමක්, ඔබ නිර්මාණය කළ යම් system එකක් යම් සමාගමක භාවිතයක්, වගේ දේවල්.
යම් යම් රැකියා වලදී, මෙම දේවල් වලින් හොඳ ලකුණු ප්‍රමාණයක් ඔබට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්) / Interests (කැමති දේවල්)
විෂය භාහිර ක්‍රියාකාරකම් කියන්නෙ ඔබ ඔබගේ අධ්‍යාපනික/වෘත්තීය ජීවිතයෙන් පිටත සිදු කරන දේවල් වලට. ඒවා විනෝදාංශ වෙන්න පුළුවන්, අමතර ආදායම් මාර්ග වෙන්න පුළුවන්, වෙනත් දේ වෙන්න පුළුවන්.
හැබැයි මේ දේවල් වලින් ඔබට වටිනාකමක් එකතු වෙනවා නම් පමණක් විතරයි ඒ දේවල් ගැන කිව යුතු වෙන්නේ.
ඔබ ගීත අහහව, රූපවාහිනිය බලනව කිව්වොත් ලකුණු කැපෙයි. මොකද ඒවායින් කාටවත් ප්‍රයෝජනයක් නැති නිසා.
නමුත්, ක්‍රීඩා කරනවා, පොදු වැඩ වලට සහභාගී වෙනවා, යම් යම් වැඩසටහන් වල සංවිධායක වෙලා ඉන්නව, ගමේ යම් සමාජයක නිලයක් දරනවා, ඡායාරූපකරණය කරනව, ආයෝජනය කරනව, freelancing කරනව, වගේ දේවල් වලින් ලකුණු එකතු වෙනවා.
හැබැයි ඇත්ත දාන්න, මොකද ඒ ගැන සම්මුඛ පරීක්ෂනයේදී හෝ ඔබව රැකියාවට තෝරා ගැනීමෙන් පසුව ඇහුවොත් ඔබ බොරු කාරයෙක් වෙනව.

7. Personal Information (පුද්ගලික තොරතුරු)
ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, විවාහක/ අවිවාහක භාවය, ජාතිය, හැඳුනුම්පත් අංකය, වගේ ඔබගේ පුද්ගලික තොරතුරු තමයි මීට ඇතුලත් වන්නේ. 

8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)
ඔබව හඳුනන, ඔබ ගැන හොඳ කියන්න පුළුවන් පුද්ගලයින් එක් අයෙක් දෙදෙනෙක් වගේ CV එකේ අන්තිමට කියන්න ඕනෙ. ඇබෑර්තුව පළ කරනකොට ඔවුන් කියනව referees කී දෙනෙක් ඕනෙද කියල. සාමාන්‍යයෙන් දෙදෙනෙක් තමයි ගාණ.

හැබැයි ඔබ ඒ දාන දෙදෙනාට හැකි වෙන්න ඕනෙ ඔබ ගැන හොඳ කියන්න. ඔබ ඔවුන්ගේ නම් `CV එකකට දැම්මොත්, අනිවාර්යයෙන්ම කෝල් එකක් දාලවත් කියල තියන්න ඔබ ඔවුන්ව මෙන්න මේ සමාගමේ මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරනකොට referee දැම්ම කියල. ඔවුන්ට අමතක වෙලා, "මට එහෙම කෙනෙක්ව මතක නෑ" කිව්වොත් ඔබ ඉතින් ගෙදරම තමයි.

අන්තිමටම අපි සාමාන්‍යයෙන් දානවනෙ, "මගේ දැනුමේ හැටියට මේ දේවල් නිවැරදි බවට සහතික කරමි" කියල වාක්‍යයක්. ඒක දැන් එතරම්ම භාවිතා වෙන්නේ නම් නෑ. නමුත් දානව නම් "මගේ දැනුමේ හැටියට" කියන කෑල්ල දාන්න එපා. මොකද ඒකෙන් වක්‍රව කියවෙනවා ඔබටම ඔබ සපයන විස්තර ගැන සැකයි කියන එක.

ලිපිය ගොඩක් දිග උනා. නමුත් ඕනෙ කරන දේවල් කියවුනා කියල හිතනවා.
මේ ලිපි මාලාව අවසානයේදී ඔබට හැකි වෙයි, ඉතාම ශක්තිමත් CV එකක් හදාගන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.

මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

සාර්ථක CV එකක් සාදා ගනිමු - 1

මේක ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක්. 
රැකියාවකට ඉල්ලුම් කරනකොට CV එකක් නිර්මාණය කර ගැනීම අනිවාර්ය දෙයක්. එය තමයි ඔබ ගැන සියළුම විස්තර තිබෙන ගොනුව වෙන්නෙ.



ඉතින් අපි CV ගැන කතා කරමු. 

ඔයාල දන්නවද? මුල්ම CV එක හදල තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්සි විසින් කියල. එයාගෙ CV එක මෙතනින් ගිහිල්ල බලන්න.

මොකද්ද මේ CV එකක් කියන්නෙ?
Curriculum Vitae, කියන්නෙ යම් පුද්ගලයෙකුගේ අධ්‍යාපනික, වෘත්තීයමය ඉතිහාසය අන්තර්ගත කොට, රැකියා ඉල්ලුම් කිරීමේදී භාවිත කිරීම සඳහා නිර්මාණය කරන ලද පිටු කිහිපයක් සහිත ආකෘතික සටහනක්.

රැකියා ඉල්ලුම්පත්‍ර සැකසීමේදී CV එක තමයි තිබෙන වඩාත්ම ගැළපෙන හා නම්‍යශීලීම ක්‍රමය. එහි ඔබගේ පුද්ගලික තොරතුරු, ගැළපෙනම හා හොඳම ආකාරයට ප්‍රදර්ශනය කළ යුතු වෙනවා. 
CV එකක් කියන්නෙ වෙළඳාම් සඳහා සකසන ලද ලේඛනයක්, මොනව වෙළඳාම් කරන ලිපියක්ද??? ඔබව!!! 
ඔබට, ඔබගේ හැකියාවන්, සුදුසුකම්, දක්ෂතා, අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඒවා වෙලඳාම් කිරීමට CV එක භාව්තා කළ හැකියි. එය යම් විශේෂිත වෘත්තීය ක්ෂේත්‍රයක සේවායෝජකයින් කිහිපදෙනෙක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට වුවද භාවිතා කළ හැකිය. ඒ නිසා සමහර සේවා යෝජකයින් CV පිළිගන්නේ නෑ. ඔවුන්ගේම අයදුම්පතක් පුරවා එවන්න කියනවා. 

අයදුම්පතක් නිර්මාණය වෙන්නෙ අත්‍යවශ්‍ය කරන විස්තර ඉදිරියට ගෙන එමින්, සේව්‍යයාට අවශ්‍ය කරන සුදුසුකම් කෙලින්ම ලබා ගැනීමට සාදන ලේඛනයක්. ඒකෙදි ඔබට බෑ ඔබගේ දුර්වලතා ස්ඟවමින් වෙනත් ආකාරයකින් ඒවා උලුප්පවා දක්වන්න. CV එකකදි නම් එහෙම කරන්න පුළුවන්. ඊට අමතරව, මේ අයදුම්පත් පිරවීමට ඔබ ගන්නා කාලයත් ඔබ ඒ රැකියාවට/ක්ෂේත්‍රයට ඇති කැපවීම පෙන්වනවා.

CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද? 
CV එකක් හදන්න හොඳම ක්‍රමයක් / හරි ක්‍රමයක් කියල එකක් නෑ. ඒක ඔබට කැමති ආකාරයට හදන්න පුළුවන්. CV එක කඩදාසියක් උඩ වෙන්නත් පුළුවන්, වෙබ් අඩවියක වෙන්නත් පුළුවන්, ඕනෙ නම් ටී ශර්ට් එකක් උඩ උනත් හදන්න පුළුවන්. 
කොහොම හැදුවත් හැබැයි ඒකට මූලික සැකිල්ලක් තිබෙනවා. කොහේ කොහොම හැදුවත් ඒ සැකිල්ල එහි තිබිය යුතු වෙනවා. 

CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
  • සේවා යෝජකයා එම ආකෘතිය යටතේ අයදුම් කරන්නට ඉල්ලා ඇති අවස්ථා වලදී.
  • සේවා යෝජකයා, විශේෂයෙන් සඳහන් නොකර "ඉල්ලුම් කරන්න..." යයි පමණක් දක්වා ඇති අවස්ථා වලදී.
  • ඔබ ඉල්ලුම් කරන රැකියා යෝජකයා රැකියා ඇබෑර්තු ඇති බව සඳහන් කර නැති අවස්ථා වල ඔබ ඇබෑර්තු ඇතැයි සිතා විචාරාත්මක/විස්තරාත්මකව එම ආයතනයට රැකියාවක් සඳහා ඉල්ලුම් කරන අවස්ථා වලදී.

ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
මොන ගුණාංගද තිබිය යුත්තේ, ඒවා කෙතරම් වැදගත්ද කියල අපි හොයල බලමු.

මේ සංඛ්‍යා, ඇමරිකාවේ සිදු කරන ලද සමීක්ෂණයකින් ලැබුණු ඒවා. ලංකාවට හරියටම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් ගොඩක් ගැළපෙනවා කියල මට නම් හිතෙනවා, 

45% - අයදුම් කරන රැකියාවට අදාල වන වෘත්තීය අත්දැකීම්
35% - සුදුසුකම් හා හැකියාවන්
25% - පහසුවෙන් කියවිය හැකි විය යුතුයි
16% - ඔබගේ කෞශල්‍යයන්
14% - අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ 
9% - අධ්‍යාපන සුදුසුකම් 
3% - පැහැදිලි අභිමථාර්ථ
2% - එකතු කරන ලද විශේෂිත කොටස් / පද
1% - ඔබව සම්බන්ධ කරගැනීම සඳහා විස්තර
1% - පුද්ගලික අත්දැකීම්
1% - පරිගණක පිළිබඳ දැනුම

මේවා හැම එකකටම පොදු නෑ. විවිධ රැකියා සඳහා මේ සමහර ඒව වෙනස් වෙන්න පුළුවන්. 
උදා: පරිගණක ඉංජිනේරුවෙක්ට යටින්ම තිබෙන එක උඩට යනව.

CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?

ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය ගත්තම, CV එකේ අන්තර්ගතය තිබිය යුතු පිළිවෙල, මෙන්න මේ පහල තිබෙන පිළිවෙල කියල තමයි සැලකෙන්නෙ. (ප්‍රධාන අන්තර්ගතය) (ඉංග්‍රීසි භාෂාවත් මම මෙතන සිට භාවිතා කරනව, මොකද CV එකක් බහුලව හැදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා)
0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)
1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)
2. Professional Experience  (වෘත්තීයමය අතදැකීම්)
3. Professional Qualifications  (වෘත්තීයමය සුදුසුකම්)
4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)
5. Achievements (වෙනත් ජයග්‍රහණ)
6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්)
7. Personal Information (පුද්ගලික තොරතුරු)
8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)

ඊලඟ ලිපියෙන් මේ දේවල් ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඒ ඒ කොටස නිවැරදිව හදන හැටි හා අනිවාර්යයෙන්ම ඔබට සම්මුඛ පරීක්ෂණයකට කතා කරන්න සේව්‍යයාට හිතෙන විදිහට හදන හැටි.



මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න: