headlines

    9:

sponsor

Slider

    Recent Tube

    Selecting a Career

    Tips

    Curriculum Vitae

      Courses

      Our Services

      • Written by Unknown

        CV Correction Service

        මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් ස...

        Read More

      Courses

      » » » සාර්ථක CV එකක් සාදා ගනිමු - 1
      Unknown

      මේක ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක්. 
      රැකියාවකට ඉල්ලුම් කරනකොට CV එකක් නිර්මාණය කර ගැනීම අනිවාර්ය දෙයක්. එය තමයි ඔබ ගැන සියළුම විස්තර තිබෙන ගොනුව වෙන්නෙ.



      ඉතින් අපි CV ගැන කතා කරමු. 

      ඔයාල දන්නවද? මුල්ම CV එක හදල තියෙන්නෙ ලියනාඩෝ ඩාවින්සි විසින් කියල. එයාගෙ CV එක මෙතනින් ගිහිල්ල බලන්න.

      මොකද්ද මේ CV එකක් කියන්නෙ?
      Curriculum Vitae, කියන්නෙ යම් පුද්ගලයෙකුගේ අධ්‍යාපනික, වෘත්තීයමය ඉතිහාසය අන්තර්ගත කොට, රැකියා ඉල්ලුම් කිරීමේදී භාවිත කිරීම සඳහා නිර්මාණය කරන ලද පිටු කිහිපයක් සහිත ආකෘතික සටහනක්.

      රැකියා ඉල්ලුම්පත්‍ර සැකසීමේදී CV එක තමයි තිබෙන වඩාත්ම ගැළපෙන හා නම්‍යශීලීම ක්‍රමය. එහි ඔබගේ පුද්ගලික තොරතුරු, ගැළපෙනම හා හොඳම ආකාරයට ප්‍රදර්ශනය කළ යුතු වෙනවා. 
      CV එකක් කියන්නෙ වෙළඳාම් සඳහා සකසන ලද ලේඛනයක්, මොනව වෙළඳාම් කරන ලිපියක්ද??? ඔබව!!! 
      ඔබට, ඔබගේ හැකියාවන්, සුදුසුකම්, දක්ෂතා, අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඒවා වෙලඳාම් කිරීමට CV එක භාව්තා කළ හැකියි. එය යම් විශේෂිත වෘත්තීය ක්ෂේත්‍රයක සේවායෝජකයින් කිහිපදෙනෙක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට වුවද භාවිතා කළ හැකිය. ඒ නිසා සමහර සේවා යෝජකයින් CV පිළිගන්නේ නෑ. ඔවුන්ගේම අයදුම්පතක් පුරවා එවන්න කියනවා. 

      අයදුම්පතක් නිර්මාණය වෙන්නෙ අත්‍යවශ්‍ය කරන විස්තර ඉදිරියට ගෙන එමින්, සේව්‍යයාට අවශ්‍ය කරන සුදුසුකම් කෙලින්ම ලබා ගැනීමට සාදන ලේඛනයක්. ඒකෙදි ඔබට බෑ ඔබගේ දුර්වලතා ස්ඟවමින් වෙනත් ආකාරයකින් ඒවා උලුප්පවා දක්වන්න. CV එකකදි නම් එහෙම කරන්න පුළුවන්. ඊට අමතරව, මේ අයදුම්පත් පිරවීමට ඔබ ගන්නා කාලයත් ඔබ ඒ රැකියාවට/ක්ෂේත්‍රයට ඇති කැපවීම පෙන්වනවා.

      CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද? 
      CV එකක් හදන්න හොඳම ක්‍රමයක් / හරි ක්‍රමයක් කියල එකක් නෑ. ඒක ඔබට කැමති ආකාරයට හදන්න පුළුවන්. CV එක කඩදාසියක් උඩ වෙන්නත් පුළුවන්, වෙබ් අඩවියක වෙන්නත් පුළුවන්, ඕනෙ නම් ටී ශර්ට් එකක් උඩ උනත් හදන්න පුළුවන්. 
      කොහොම හැදුවත් හැබැයි ඒකට මූලික සැකිල්ලක් තිබෙනවා. කොහේ කොහොම හැදුවත් ඒ සැකිල්ල එහි තිබිය යුතු වෙනවා. 

      CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
      • සේවා යෝජකයා එම ආකෘතිය යටතේ අයදුම් කරන්නට ඉල්ලා ඇති අවස්ථා වලදී.
      • සේවා යෝජකයා, විශේෂයෙන් සඳහන් නොකර "ඉල්ලුම් කරන්න..." යයි පමණක් දක්වා ඇති අවස්ථා වලදී.
      • ඔබ ඉල්ලුම් කරන රැකියා යෝජකයා රැකියා ඇබෑර්තු ඇති බව සඳහන් කර නැති අවස්ථා වල ඔබ ඇබෑර්තු ඇතැයි සිතා විචාරාත්මක/විස්තරාත්මකව එම ආයතනයට රැකියාවක් සඳහා ඉල්ලුම් කරන අවස්ථා වලදී.

      ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
      මොන ගුණාංගද තිබිය යුත්තේ, ඒවා කෙතරම් වැදගත්ද කියල අපි හොයල බලමු.

      මේ සංඛ්‍යා, ඇමරිකාවේ සිදු කරන ලද සමීක්ෂණයකින් ලැබුණු ඒවා. ලංකාවට හරියටම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් ගොඩක් ගැළපෙනවා කියල මට නම් හිතෙනවා, 

      45% - අයදුම් කරන රැකියාවට අදාල වන වෘත්තීය අත්දැකීම්
      35% - සුදුසුකම් හා හැකියාවන්
      25% - පහසුවෙන් කියවිය හැකි විය යුතුයි
      16% - ඔබගේ කෞශල්‍යයන්
      14% - අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ 
      9% - අධ්‍යාපන සුදුසුකම් 
      3% - පැහැදිලි අභිමථාර්ථ
      2% - එකතු කරන ලද විශේෂිත කොටස් / පද
      1% - ඔබව සම්බන්ධ කරගැනීම සඳහා විස්තර
      1% - පුද්ගලික අත්දැකීම්
      1% - පරිගණක පිළිබඳ දැනුම

      මේවා හැම එකකටම පොදු නෑ. විවිධ රැකියා සඳහා මේ සමහර ඒව වෙනස් වෙන්න පුළුවන්. 
      උදා: පරිගණක ඉංජිනේරුවෙක්ට යටින්ම තිබෙන එක උඩට යනව.

      CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?

      ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය ගත්තම, CV එකේ අන්තර්ගතය තිබිය යුතු පිළිවෙල, මෙන්න මේ පහල තිබෙන පිළිවෙල කියල තමයි සැලකෙන්නෙ. (ප්‍රධාන අන්තර්ගතය) (ඉංග්‍රීසි භාෂාවත් මම මෙතන සිට භාවිතා කරනව, මොකද CV එකක් බහුලව හැදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා)
      0. Name and contact info (ඔබට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විස්තර)
      1. Vision / Career Target (වෘත්තීය පැත්තෙන් ඔබගේ අනාගත ඉලක්ක)
      2. Professional Experience  (වෘත්තීයමය අතදැකීම්)
      3. Professional Qualifications  (වෘත්තීයමය සුදුසුකම්)
      4. Academic Qualifications (අධ්‍යාපන සුදුසුකම්)
      5. Achievements (වෙනත් ජයග්‍රහණ)
      6. Extra Curricular Activities (විෂය බාහිර ක්‍රියාකාරකම්)
      7. Personal Information (පුද්ගලික තොරතුරු)
      8. Non related referees (ඔබට සෘජු සම්බන්ධයක් රහිත ඔබ ගැන කිව හැකි පුද්ගලයින්)

      ඊලඟ ලිපියෙන් මේ දේවල් ගැන සවිස්තරාත්මකව කතා කරමු. ඒ ඒ කොටස නිවැරදිව හදන හැටි හා අනිවාර්යයෙන්ම ඔබට සම්මුඛ පරීක්ෂණයකට කතා කරන්න සේව්‍යයාට හිතෙන විදිහට හදන හැටි.



      මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

      ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

      «
      Next
      Newer Post
      »
      Previous
      Older Post
      Pages 7123456 »

      No comments:

      Leave a Reply

      ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.