sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද


Digital යුගයේ රැකියා සොයා යාම - Fact Sheet 2

ඔබගේ වෘත්තිය සැළසුම් කිරීම සම්බන්ධයෙන් අපි මීට පෙර ඔබට අපේ පළමු Fact Sheet එක ලබා දුන්නා,
මේ හදන්නෙ දෙවන Fact Sheet එක ඔබ වෙත ලබා දෙන්න. මේ Digital ලෝකයේ රැකියා වෙලඳපළ තුළ සැරිසරනකොට ඩිජිටල් ලෝකයේදී හැසිරෙන්නේ කොහොමද කියල අපි හොයල බලමු.

අපි හැමදෙනාම ටික ටික හරි සමාජ සබඳතා වලට කැමතියි. රැකියා ලබා දෙන්නනුත් දැන් එහෙමයි. දැන් කාලෙ නව බඳවාගැනීම් සම්බන්ධ වෙනකොට Social Media කියන එකත්  විශාල ව්‍යාපාරයක් වෙනවා. සමහර අයට රැකියා අවස්ථා පිළිබඳ විස්තර / දැන්වීම අන්ත්ර්ජාලය හරහාත් ලැබෙනවා. ඔබටත් ඒ වගේ වෙන්න ඕනෙ නම් ඔබත් දැන් කාලෙ වේගයට එකතු වෙන්න වෙනවා. ඔබටත් වේගවත් වෙන්න වෙනවා. මොකද Social Media නිදාගන්නෙ නෑ කොයි වෙලේවත්. ඒ වගේම තමා මුදලුත්, නේද?? 

ඔබගේ Curriculum Vitae එක ඔබ නව රැකියා අවස්ථාවක් සොයන එකට අවශ්‍ය හොඳම මෙවලමක්. නමුත් ඒකත් දැන් ටිකක් පරණ තාලෙ දෙයක් වෙලා.  ඒක නිසා තමයි දැන් professional Online Profiles ලෙස LinkedIn, Twitter  වගේ දේවල්, Facebook වුවත්, කරළියට එන්නෙ. ඒවා හරහා ඔබට පුළුවන් මේ ඩිජිටල් වෙමින් පවතින ලෝකයේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඉන්න, ඩිජිටල් තාක්ෂණයත් එක්ක වැඩ කරන්න කැමති  මිනිස්සු එක්ක කරට කර වැඩ කරන්නට. 
ඉතින් මෙම කෙටි අත්වැල හරහා, මේ ඩිජිටල් යුගයේ රැකියා වෙළඳපළ තුළ ඔබට ගැළපෙනම රැකියාව දඩයම් කරගන්නේ කොහොමද, ඔබගේ නම ලෝකයට ගෙන යන්නේ කොහොමද කියල කෙටියෙන්, සරළව අදහසක් දෙන්නයි අපගේ සූදානම. 
වැඩේ හරියට කරගත්තොත්, ඔබට හිතාගන්න බැරි තරම් වෘත්තීය යෝජනා ඔබට එන්නට පුළුවන්. 

පහතින් එය භාගත කරගන්න.
Download: 
මුරපදය: careerguidancelk

මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.
ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:



මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ඔබ වෙත නොමිලේම තොරතුරු, උපදෙස් ලබා දීමට වෙහෙසෙන වෙබ් අඩවියක්.
මෙම බ්ලොග් අඩවිය තවත් දියුණු කිරීමට අපි බොහොමත්ම වෑයමක් දරමින් සිටිනවා, සැළසුම් කරනවා.
ඉතින් අපගේ මේ ප්‍රයත්නයට ඔබට හැකිනම් මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්නට, එය අපගේ සැළසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට මනා සහයක්.

Help us to GROW, to serve you MORE....

නව පොත් පිංචක් ගැන අදහස් අවශ්‍ය කර තිබේ


ඔයාලට මතක ඇතිනෙ මම මුලින් දුන්නු "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" හා "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" කියන කෙටි අත්වැල?
දැන් මම මේ තවත් එහෙම පොඩි අත්වැලක් හදන ගමනුත් ඉන්නෙ.

ඉතින්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" කියන පොත් පිංච මේ වෙනකොට භාගත කිරීම 1450ක් සම්පූර්ණ කරල තිබෙනවා.
"ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" එක භාගත කිරීම 140ක් භාගත කිරීම් සම්පූර්ණ කරල තිබෙනවා.

දැන් මම සූදානම් වෙන්නෙ මීටත් වඩා දෙයක් ඔබ වෙත ලබා දෙන්න. ටිකක් සවිස්තරාත්මක පොතක් හදන්න.
ඉතින් ඒ සඳහා මට ඔබගේ අදහස් අවශ්‍ය කරල තිබෙනවා.
වෘත්තීය මාර්ගෝපදේශනය කියන විෂයය ගත්තම ඔබ එසේ මාර්ගෝපදේශනයකට යොමු වනවා නම් ඔබට අවශ්‍ය කරන දේ මොනවාද කියන එක මට කියන්න. එතකොට මට පුළුවන් ඒ ඒ දේවල් හැකි ආකාරයකට ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි පොතට එකතු කරන්නට.

ඔබගේ අදහස් මම අතිශයින් බලාපොරොත්තු වනවා. මොකද මේ උත්සාහය ඔබට ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න අත්වැලක් සැපයීමයි.

ඔබගේ අදහස් මෙහි කමෙන්ට් කිරීමෙන් හෝ cglk[at]consultant[dot]com යන ඊ මේල් ගිණුමට ඊ ලිපියක් හරහා සඳහන් කළ හැකියි.

ඔබට ස්තුතියි.

ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01

ඔබ, වෘත්තීය ජීවිතය සමඟ කුමනාකාරයේ මාර්ගයක ගමන් කරන්න තීරණය කළත් (එය උපදේශකයෙක්, විධායක නිළධාරියෙක්, සාමාන්‍ය නිළධාරියෙක්, කුමක් වුවත්) එය කරන්න හොඳම ක්‍රමය තමයි යම් සැළසුම්සහගත ආකාරයකට එය සිදු කිරීම. වෘත්තීය සැලසුමක් පැවතීම, ඔබට උනන්දුවක් ඇති කරන ඉලක්කයක් ලබා දෙනවත් එක්කම, කාර්යයාලයේදී ඇතිවන අපහසුදායක අවස්ථා වල ධනාත්මකව සිතීමටත් උපකාරී වෙනවා.

අපි මේ පිළිබඳව අපගේ දැනුම ඔබගේ සහයට ලබා දෙමින් ඔබගේ වෘත්තීය ඉලක්ක ජය ගැනීම සඳහා සහයක් විය හැකි කෙටි අත්වැලක් ලබා දෙන්නෙමු. මේ උපදෙස්, ඔබගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ඉතින් මේ පළමු Fact Sheet එකේදි අපි "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම" කිරීම යන මාතෘකාව ඔස්සේ පහත කරුණු සාකච්ඡා කරන Fact Sheet එකක් ලබා දෙනවා. 

  • ඔබගේ වෘත්තිය සංචාරයක් සේ සිතන්න
  • ඔබව පොළඹවන දේ හඳුනාගන්න
  • ඔබගේ හැකියාවන් තියුණු කරගන්න
  • සුදුසුකම් හා පළපුරුද්ද
  • ඔබේ සැළසුම පෙළ ගස්වන්න
  • සියළුම විකල්ප සළකන්න
  • සාක්ෂි විමසන්න
  • ඔබගේ සේව්‍යයාගේ අවශ්‍යතා හඳුනාගන්න.

පහතින් එය භාගත කරගන්න.


ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? සැලසුම් කරන්න, ඒවා විශාලනය කරන්න, ඒවා භාවිතයට ගන්න. ඒත් එක්කම ඔබගේ මාර්ගය තුළදී වෙනස් වන්නට බිය වෙන්න එපා. ඔබගේ වෘත්තීය ගමන උද්‍යෝගජනක, පුදුමයන්ගෙන් පිරි, නව අවස්ථාවන් සපිරි එකක් විය යුතුයිඉතින් ඉන් සතුටු වන්න.
ඔබට ගැන තවත් කතා කරන්නට අවශ්‍ය නම්, අප සමඟ සම්බන්ධ වන්න.


මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.
ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:



මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ඔබ වෙත නොමිලේම තොරතුරු, උපදෙස් ලබා දීමට වෙහෙසෙන වෙබ් අඩවියක්.
මෙම බ්ලොග් අඩවිය තවත් දියුණු කිරීමට අපි බොහොමත්ම වෑයමක් දරමින් සිටිනවා, සැළසුම් කරනවා.
ඉතින් අපගේ මේ ප්‍රයත්නයට ඔබට හැකිනම් මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්නට, එය අපගේ සැළසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට මනා සහයක්.

Help us to GROW, to serve you MORE....

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 4 (මානසිකත්වය සකසා ගන්නා හැටි)

මින් පෙර ලිපි තුනකින් අපි කතා කළා,
හා
අද කතා කරමු, ඔබගේ මානසිකත්වය සකසා ගන්නා හැටි.

1. ඔබගේ ආකල්ප වෙනස් කරගන්න.
ඔයා රැකියාවක් හොයනව තමයි. නමුත්, "මම රැකියාවක් හොයනව" කියල හිතාගෙන සම්මුඛ පරීක්ෂණයකට යන එකයි, "ඔයාලට කරගන්න තියෙන වැඩ ටික කරල දෙන්නයි මම එන්නෙ" කියල හිතාගෙන සම්මුඛ පරීක්ෂණයකට යන එකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඔයා රැකියාවක් හොයනවා කියන්නෙ ඔයාට යමෙක් යම් දෙයක් දෙයි කියල ඔබ බලපොරොත්තුවෙන් ඉන්නව කියන එකනෙ. ඉතින් ඒකට මොකද්ද කරන්න ඕනෙ? ඒ අයගෙ හිතට වදින විදිහට, ඒ අයට ඔයාට කැමති වෙන විදිහට හැසිරෙන්න ඔබට සිදු වෙනවා. 

ඔබ ගැන හොඳ අදහසක්, ඔබ රැකියාවක් බලාපොරොත්තුවෙන් යන තැන ඉන්නගෙ හිතේ ඇති කරනවටත් වඩා ඔබ කළ යුතු දෙයක් තිබෙනවා. ඒ මොකද්ද? "ඔවුන්ට සහය වීමට ඔබට හැකියාව හා දැනුම තිබෙනවා" කියල පෙන්නන එක. 
ඔබ සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙන වෙලාවෙ කියන වචන වලින්, හැසිරෙන ආකාරයෙන්, සියළු දෙයින් ඔබ පෙන්විය යුතුයි, "මම මෙන්න මෙහෙම තමයි ඔබගේ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නේ" කියන එක. 

2. ස්ථාවර වෙන්න.
ඔබ මේ වෙනකොට රැකියා කිහිපයක්ම කරල තිබෙන කෙනෙක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ ඇයි කියන ප්‍රශ්නය ඔබෙන් අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂකයින් අසනවා. ඉතින් ඊට හොඳ පිළිතුරක් සකසාගෙන තියාගන්න. ඊට අමතරව ඔබට මේ රැකියාවේ ස්ථාවර විය යුත්තේ ඇයි යන්න පිළිබඳවත් හොඳ විස්තරයක් සකසා ගන්න. කිසිම සමාගමක් කැමති නෑ, ටික කාලයක් ඉඳල යන්න යන කෙනෙක්ව රැකියාවට ගන්න. 
ඔබ දැන් ඉන්න මට්ටම මොකද්ද, ඔබ ඒ මට්ටමේ තවත් කොතෙක් කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවාද, ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳවත් කෙටියෙන් සඳහන් කළ හැකි විස්තරයකුත් සූදානම් කරගන්න.

මේ රැකියාව, මේ ක්ෂේත්‍රය තුළට ඔබ ඇතුළු වන්නේ ඇයි යන්නටත් පිළිතුරු ලබා දෙන්න ලෑස්ති වෙලා යන්න. ගැළපෙන හේතුන් ලබාදෙන්න. උදා: මේ ක්ෂේත්‍රයේ තමයි මේ වගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉහළම තාක්ෂණය තිබෙන්නේ. ඉතින් මම මේ ක්ෂේත්‍රයට කැමති උනා" වගේ.

3. හැකියාවන්ට රැකියාවක් සොයන්න, රැකියාවකට හැකියාවන් බලන්න එපා.
හුඟක් අය කරන වැරදි දෙයක් තමයි, යම් රැකියාවක් තෝරාගෙන ඊට තමන් ගැළපෙනවද. ඊට අවශ්‍ය වෙන හැකියාවන් හා සුදුසුකම් මොනවාද කියල හොයන එක. එහෙම නෙමෙයි, අනිත් පැත්තට කරන්න උත්සාහ කරන්න.

  • ඔබගේ හැකියාවන් ලැයිස්තුවක් සකසන්න. ඊට පස්සෙ බලන්න ඒ හැකියාවන්ට ගැළපෙන ක්ෂේත්‍ර මොනවාද, ආයතන මොනවාද, රැකියා මොනවාද කියල. ඔබෙන් වැඩක් වෙන රැකියා මොනවාද කියල. එහෙම එකකින් තමයි ඔබටත් අදාල සමාගමටත් සෑහීමකට පත් වෙන්න පුළුවන් වෙන්නෙ.
  • ඔබ සොයා ගන්නා ලද රැකියා අවස්ථාව ඔබට, ඔබගේ පෞරුෂයට, ඔබට අවශ්‍ය වැටුපට හරියන රැකියාවක්ද කියල බලන්න. මොකද ඒ දේවල් ඔබට ගැළපුනේ නැත්තම් ඔබ ඒ රැකියාවෙන් සෑහීමට පත් වන එකක් නෑ. 
  • ඔබට උදේ පාන්දර ඇහැරෙන්න බැරි නම්, නැතිනම් රාත්‍රී සේවයේ යෙදෙන්න බැරි නම්, පාන්දර රැකියාවට යන්න ඕනෙ, නැතිනම් රාත්‍රී සේවා මුර කරන්න තිබෙන රැකියාවක් ඔබට හරියන්නෙ නෑනෙ, නේද?
  • බය වෙන්න එපා. ඔයාට ගැළපෙන රැකියා අවස්ථාවක් දැක්කොත්, ඒකෙ තියෙන සියළුම සුදුසුමක් ඔයාට නැති උනා කියල ඒක අත ඇරල දාන්න එපා. සමාගමක් රැකියා අවස්ථා වල දැන්වීම් පල කරන්නෙ, ඔවුන් හොයන හරියටම ගැළපෙන රැකියා අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම් යොදල. නමුත් 100%ක්ම ඒවට ගැලපෙන කෙනෙක්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙම හිටියොත් ඉතින් එයාලගෙත් වාසනාවකට තමා. ඒවායින් යම් ප්‍රමාණයක් හරි ඔබට තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ රැකියා ඇබෑර්තුව ගැන සැළකිලිමත් වෙන්න ඕනෙ. ඔබට තිබෙන සුදුසුකම් ඔබ කොහොමද ඔවුන්ට කියල ඔවුන්ගේ සිත දිනාගන්නේ කියල හිතල සැළසුම් කරගන්න ඕනෙ. ඒත් එක්කම පසු කාලීනව (රැකියාව තුළ සිට) ඒ ඔබට තිබුණෙ නැති සුදුසුකම් ලබා ගන්නත් ඔබ සැළසුම් කරගෙන ඒවාත් ලබා ගත යුතු වෙනවා. එතන තමයි ඔබගේ රැකියාව තුල වර්ධනය සිදු වන්නේ. 



ඉතින් මෙතනින් මේ රැකියාවක් සොයා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපි මාලාව අවසන්. නමුත් මේ විෂයය ගැන කතා කරල ඉවර නෑ. මේ පිළිබඳව තවත් අපි කතා කරමු ඉදිරියේදී.



මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න,, පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

Job එකක් හොයාගන්නෙ කොහොමද? - නව ලිපි මාලාව


ඔයා ඔයාගෙ මංගල රැකියාව සොයනවා වෙන්න පුළුවන්, නැතිනම් කරමින් සිටින රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරු වෙන්න හිතනවා වෙන්න පුළුවන්, එක්කො කාලයක් රැකියාවක් නොකර ඉඳල, යළිත් රැකියාවකට යොමු වෙන්න හිතනව වෙන්න පුළුවන්.
ඉතින් මේ කොයික කරන්නත්, කරුණු දෙකක් පිළිබඳව සැළකිලිමත් වෙන්න වෙනවා.
  1. ඔබ පිළිබඳව තේරුම් ගැනීම. 
  2. රැකියා වෙළඳපළ පිළිබඳ තේරුම් ගැනීම.
මේක අපි කොටස් 4කට වෙන් කරගෙන සාකච්ඡා කරමු.
  1. ඔබගේ සුදුසුකම් ගොඩනඟා ගැනීම.
    1. ඔබගේ Resume එක යාවත්කාලීන කිරීම.
    2. ඔබ ගැන කෙටි හැඳින්වීමක් සකස් කර ගැනීම.
    3. ඔබ ඉගෙනීමට කැමති ඔබගේ රැකියාවට සම්බන්ධ දේ ලැයිස්තුවක් සකසා ගැනීම.
  2. සූදානම් වීම.
    1. හැසිරීම / ක්‍රියාත්මක වීම සම්බන්ධ සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්න.
    2. අදාල සමාගම ගැන සොයා බලන්න.
  3. වේදිකාව සකසා ගැනීම 
    1. අවිධිමත් සම්මුඛ සාකච්ඡාවක් සූදානම් කරගන්න.
    2. සබඳතා ගොඩනඟාගන්න.
    3. ස්වේච්ඡා කටයුතු සිදු කරන්න. 
    4. දුරකථන සංවාද හරහා සම්බන්ධ වන්න.
  4. මානසිකත්වය සකස් කර ගැනීම.
    1. ඔබ සිතනා ආකාරය වෙනස් කරගන්න.
    2. එක් තැනකට ස්ථාපිත වන්න.
    3. ඔබගේ හැකියාවන්ට ගැළපෙන රැකියාවක් සොයන්න. 
  5. වෙනත් උපදෙස්
ඔන්න ඔහොම තමයි මේ ලිපි මාලාව සංවිධානය වෙන්නෙ. ඉතින් ඉදිරි ලිපි වලින් හමු වෙමු,


අපේ ලිපි මාලාව ඔබගේ ඊ මේල් ගිණුමටම තාමත් ඔබ ලබා ගන්නේ නැතිනම් අපිත් එක්ක දැන්මම එකතු වෙන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය යොදා subscribe වන්න.


ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

"ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච භාගත කරගන්න ඔන්න ඔබටත් පුළුවන්



ටිකක් කිව්වට වඩා කාලය ගත උනා. 
අවශ්‍ය තරමටම නොවුවත්, 240ක පිරිසක් මගේ ප්‍රශ්නාවලියට සහභාගී වී, ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදාගෙන තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා.
ඔවුන්ගේ ඊ මේල් ලිපිනය සඳහන් කළ අයට මම "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච ඊ මේල් හරහා යැව්වා. භාගත කරගත් අය එය කියවන්නට ඇතැයි සිතනවා. කියවපු අය ඔවුන්ගේ අදහස් දක්වනවා නම් මට එය ඉතාම වටිනවා. හොඳ වගේම නරකත්. 

ඉතින් දැන් මෙම පොත් පිංච හැමෝටම ලබාදෙන්නයි මම සූදානම් වන්නේ. 
ඉතින් පහතින් ඇති සබැඳිය මගින් ඔබ සැමටම ඒ පොත් පිංච භාගත කර ගන්නට පුළුවන්. ඉතින් ඔබ සැම මේ පොත් පිංච කියවා බලන්න. ඔබගේ අදහස් උදහස් මා වෙත දන්වන්න. මෙම බ්ලොග් අඩවිය තුළ කමෙන්ටුවකින් හෝ cglk@consultant.com ඊ මේල් ලිපිනය හරහා. 

WinRAR File (1MB)
ඉහත සබැඳිය ක්‍රියා නොකරනවා නම් පහත සබැඳිය භාවිත කරන්න. 

එම Zip ගොනුවේ මුරපදය ලෙස "careerguidancelk" භාවිත කරන්න. (උඩු කොමා රහිතව)

භාගත කරගෙන කියවල බලල අදහස් දක්වන ලෙස ඉල්ලා සිටිනවා.
එය කියවා ඔබට යම් ප්‍රයෝජනයක් උනොත් ඒක තමයි මගෙ මහන්සියේ සතුට හා ගාස්තුව.

මෙම පොත් පිංච විශේෂයෙන්ම ඉලක්ක කරල තිබෙන්නේ පාසල් යන, පාසල් ගමන අවසන් කරල රැකියාවක් කරන්න හිතන, වෙනත් පාඨමාලාවක් හදාරන්න හිතන, හදාරමින් ඉන්න, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන, උපාධිය ලබාගෙන රැකියාවක් සොයන අයට තමයි.
අනිත් අයට එතරම්ම ප්‍රයෝජනයක් නොවුනත් කියවල බලන්න ආරාධනා කරනවා.

එහෙනම් තවත් වටිනා ලිපි කිහිපයකින් හමු වෙමු.


තවත් අපිට ඉදිරියට ඔබ සැමට සහයක් වන්නට සැළසුම් ගොඩක් තිබෙනවා. ඉතින් එය තවත් වේගවත් කිරීමට ඔබට මූල්‍යමය සහය ඔබට දක්වන්නට පුළුවන්. එය අපගේ වැඩකටයුතු ඉක්මන් කර ගැනීමට අපිට මනා සහයක්.

Help us to GROW, to serve you MORE...



ඔයාලගෙ බ්ලොග් එකක මේ දැන්වීම දාල මට සහයක් වෙන්නත් ආරාධනා කරනවා.

<a href="http://careerguidancelk.blogspot.com/2014/09/download-ebook-how-to-select-your-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsYdw1caB4Eq_Fc9EGTP91TJYCZZnCX177BS5ktX2DYlNAAlIe628oesZacN8siw8nR20Jnwb_GDqTrNlX2kSn_mWLzyiBhpFKiJb_Qe023h7ecAqpw3ah923LwfrLK2o92sFUQkjqX6s/s1600/banner+ad+-+free+ebook+-+768.jpg" width="468"></a>


<a href="http://careerguidancelk.blogspot.com/2014/09/download-ebook-how-to-select-your-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrsB1yheMp7ADK4JercMgeaasVamXOGDj1QQAnqYMPGyT-IBxtvmGa9jysclp01G3FvQDVQG5MecQwyStN-KO-E6uHZqEW6MyNAzucZoWawKgYBJ5MRXw2jgsEewc9MNERu5ywLhUdaq4/s1600/square+ad+-+free+ebook.jpg" width="300"></a>

කොහොමද හොඳම වෘත්තියක් තෝරාගන්නෙ?

ඔබත් කල්පනා කරනවද කොහොමද ඔබට ගැළපෙන වෘත්තියක් තෝරාගන්නෙ කියල?
අපේ නොමිලේ ලබාදෙන ඊ-බුක් එකේ තිබෙන විස්තර වලින් ඔයාට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඊට අමතරව මේ ලිපියත් ඒ සඳහා තවත් ආකාරයක සහයක් වේවි.


මේ සඳහා ප්‍රධාන හා මූලික කරුණු තුනක් අපි සළකා බලමු.

1. ඔබ ගැන දැනගන්න.
  • ඔබගේ ශක්තීන්, හැකියාවන්, වටිනාකම් වලට අමතරව, ඔබ කුමනාකාරයේ පුද්ගලයෙක්ද, ඔබගේ දුර්වලතාවයන් මොනවාද කියන දේවල් හඳුනාගන්න. ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනව ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්න. 
  • ඔබ ගැන ඉගෙනගන්න, ඔබගේ හැකියාවන් හා දුර්වලතාවයන් හඳුනාගත හැකි ක්‍රියාකාරකම් කරන්න. 

2. ඔබට තිබෙන විකල්පයන් හඳුනාගන්න. ඒවා පිළිබඳව දැනගන්න.
  • විවිධාකාරයේ රැකියා පිළිබඳව සොයා බලන්න. 
  • විවිධාකාරයේ රැකියා හඳුනාගන්න. ඒ ඒ රැකියාව තුළ ඔබට සිදුකළ හැකි දේවල් පිළිබඳව සිතා බලමින් ඒ ඒ රැකියා විශ්ලේෂණය කරන්න. 
  • ඔබට තෘප්තිමත් විය හැකි රැකියා හඳුනාගන්න. එමඟින් ඔයට හොඳින්ම කළ හැකි රැකියා හඳුනාගන්න පුළුවන්. ඔබ දැන් යෙදී ඇති රැකියාවෙන් තෘප්තිමත් වෙනවාද සිතා බලන්න. එසේ නොවෙන්නේ නම් ඒ ඇයිද යන්න හඳුනාගන්න. 
  • විවිධාකාරයේ අධ්‍යාපන විකල්පයන් හා විෂය පරාසයන් ගැන සොයා බලන්න. ඒ ඒ අධ්‍යාපන පරාස, විවිධාකාරයේ රැකියා පරාස සඳහා වෙන් උනු ඒව. ඉතින් ඔබගේ අවශ්‍යතාවය හඳුනාගෙන ඊට ගැළපෙන අධ්‍යාපන පාඨමාලාවක් තෝරාගන්න ඔබට හැකියාව තිබෙනවා.
  • ඔබගේම ව්‍යාපාරයක් ඇරඹීම ගැන මොකද හිතන්නෙ? ඉතාම හොඳ විකල්පයක්. හැබැයි මහන්සි වෙන්න ඕනෙ, හොඳට හිතල පටන් ගන්න ඕනෙ විකල්පයක් මේක. ඒත් එක්කම කියන්න ඕනෙ, මෙහිදී ඔබගේ ඉදිරි මාර්ගය අනතුරුදායකයි. නිවැරදි තීරණ ගත්තෙ නැතිනම් මුදල් හා කාලය ඔක්කොම අපතේ යනවා.
  • තමන් දැන් කරන රැකියාව තවත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න හිතන්නෙ නැත්තෙ ඇයි? පහසු විකල්පයක්. මොකද ඔබ දැනටමත් ඔබ කරන්නෙ මොනවද කියල දන්නව. අදාල විෂය පරාසය ගැන ඔබට හොඳ දැනුමක් තිබෙන නිසා ඉතාම පහසුවෙන් ඉදිරියට යන්න අවශ්‍ය කරන දැනුම මොකද්ද කියල හදුනගන්නත් ඔබට ඉතාම පහසුයි.

3. හොඳම තීරණය අරගන්න.
  • ඔබේ අනාගය රැදී පවතින්නේ ඔබ ගන්නා තීරණය මතයි. ඔබ වැරදි තීරණයක් ගත්තොත් ඔබගේ අනාගතය අසාර්ථකයි. හරි තීරණයක් ගත්තොත් එතන තමයි සාර්ථකත්වය. ඉතින් හොඳට හිතන, හොඳට විශ්ලේෂනය කරල හරිම හරි තීරණේ ගන්න ඕනෙ. 
"විද්‍යාත්මක ක්‍රමය" ගැන දන්නවද?
ඒකෙදි කරන්නෙ, අපි යම් තීරණයක් ගන්න ඉස්සෙල්ල අපි කරන්න ඕනෙ මෙන්න මෙව. විධිමත් ආකාරයකට නිරීක්ෂණය කිරීම, නිවැරදි මිනුම් ලබා ගැනීම, පරීක්ෂණ කිරීම, න්‍යායන් ගොඩනැඟීම, යළි පරික්ෂා කිරීම, අපගේ නිර්මිත න්‍යාය ලබාගත් ප්‍රතිඵල අනුව වෙනස් කිරීම.
ඉතින් අන්න ඒ දේවල් මේකෙදිත් භාවිතා කරන්න උත්සාහ කරන්න. හරියට විශ්ලේෂණය කරල අවසන් තීරණය ගත්තොත් ඔබට නිවැරදිම තීරණය ගන්න පුළුවන්. 

එහෙනම් සුභ පතනව!.