sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

» » » Job එකක් හොයාගන්නෙ කොහොමද? - 2 (සූදානම් වන්න)

මුල් ලිපියෙන් අපි කතා කළානෙ සුදුසුකම් සකසා ගන්නා ආකාරය ගැන. මේ ලිපියෙන් කතා කරමු අපි කොහොමද සූදානම් වන්නේ කියල. 


1. ප්‍රායෝගික ගැටළුවකට මුහුණදෙන ආකාරය විමසන සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්න.
ඔබ යම් අවස්ථාවක යම් ගැටළුවකට මැදි උනු අවස්ථාවකදී ඊට සාර්ථකව මුහුණ දුන්නේ කෙසේද යන්න ඔබෙන් විමසන්න ඉඩ තියෙනවා. ඔබව පරීක්ෂණයට ලක් කරන පුද්ගලයා ඉන් බලාපොරොත්තු වන්නේ ඔබව තෝරාගන්න සූදානම් වන රැකියාවේදී ඔබ යම් ගැටළුසහගත අවස්ථාවකට මුහුණ පෑ අවස්ථාවක ඔබ කෙසේ ඊට ප්‍රතික්‍රියා දක්වාවිද යන්න, ඔබ සාර්ථකව ගැටළුවට මුහුණ දී ගැටළුව විසඳා ගනීද යන්න වග පරික්ෂා කිරීමටයි.
ඔබට හැකියාව තිබෙන්න ඕනෙ ඔබගේ අතීත අත්දැකීම් උදාහරණ සහිතව පැහැදිලි කරමින්, අවංක පිළිතුරු ලබා දෙන්න. නව ගැටළුව යම් මනඃකල්පිත අවස්ථාවක් වෙන්න උනත් පුළුවන්. ඔබ පිළිතුරු දිය යුත්තේ, "මගෙ අතීත අත්දැකීම් වලට අනුව නම් මම ඒ සේවා දායකයා කෙලින්ම සම්බන්ධ කරගෙන විස්තර ලබාගෙන මේ ගැටළුව මෙන්න මෙහෙම විසඳනවා...." වගේ පිළිතුරක්. මේ වර්ගයේ සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු දෙන්න ඕනෙ කතාන්දරයක් කියනාකාරයටයි.

මේ වගේ අවස්ථා වල මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න ඉඩ තිබෙනවා.
  • ඔබ අකමැති පුද්ගලයෙකු සමඟ ඔබට වැඩ කරන්නට සිදු උනු අවස්ථාවක ඔබ ගැසිරුනු / ක්‍රියා කළ ආකාරය
  • ඔබ යම් අවස්ථාවක අපහසුතාවයට පත් වුවත් ඔබ යම් අවස්ථාවක ගනු ලැබූ තීරණයක ඔබට එල්බ සිටින්නට සිදුවූ අවස්ථාවක්
  • ඔබ සිදු කළ යම් නව්‍යතාවයකින් යුතු යම් දෙයක් නිසා ඔබගේ වැඩ කරන ස්ථානයේ සිදුවූ විශාල වෙනසක්
  • සැමවිටම රැකියාවට ප්‍රමාදව පැමිණෙන සේවකයෙකුව ඔබ කොහොමද හසුරවාගත්තේ.

2. අදාල සමාගම ගැන සොයා බලන්න.
දැන් කාලෙ අන්තර්ජාලයෙන් ඕනෙම තොරතුරක් වගේ හොයාගන්න පුළුවන්නෙ. නමුත් හොයල නිකං ඉන්න එපා. ඒ දේවල් මතක තියාගන්නත් ඕනෙ. ඒ සමාගමේ Vision, Mission, Mission Statement වගේ දේවල් මතක තබාගන්න. ඊට අමතරව ඒ සමාගම සිදු කරන දේවල්, සමාගමට තිබෙන අන්තර්ජාතික සබඳතා වගේ දේවලුත්.

උදාහරණයක් විදිහට ඔබ ඉල්ලුම් කරල යම් උපකරණ අපනයනය කරන සමාගමකට නම්, එම සමාගම භාණ්ඩ අපනයනය කරන රටවල් මොනවාද කියල හොයල බලන්න.
ඔබ තරඟ කරන්නෙ එක ඇබෑර්තුවකට වෙන්න පුළුවන්. ඊට විශාල ප්‍රමාණයක් ඉල්ලුම්කරුවන් සිටින්නට පුළුවන්. ඉතින් මේ වගේ සරළ දෙයකට ටිකක් මහන්සි වීම හරහා ඔබට වඩා හැකියාවන් ඇති, ඔබට වඩා දැනුමක් ඇති කෙනෙක්ට වඩා ලකුණු ලබා ගන්න ඔබට හැකි වෙන්නට ඉඩ තිබෙනවා. මොකද සම්මුඛ පරීක්ෂණයකදී දැනුමට වඩා කෙනෙක්ගේ ආකල්ප සඳහා ලකුණු ලැබෙනවා.
ඔබ යනවා සම්මුඛ පරීක්ෂණයකට, මොකද්ද රැකියාව, "අලෙවි විධායක". ඔබට අලෙවි ප්‍රවර්ධනය ගැන තියෙන්නෙ පොඩි දැනුමක්. නමුත් ඔබ සමාගම ගැන හොඳට හොයල බලල යනව.
ඔබත් එක්ක තරඟ කරන්න ඇවිල්ල තිබෙනවා අලෙවි ප්‍රවර්ධනය ගැන පාඨමාලාවක් හදාරල තිබෙන පුද්ගලයෙකුත්. ඔහුට ඒ පිළිබඳව හොඳට දැනුම තිබෙනවා.

 හරි. ඔන්න සම්මුඛ පරීක්ෂණයට ඔබ දෙදෙනාම මුහුණ දෙනවා.
දෙදෙනාගෙන්ම අහනව මෙන්න මේ ප්‍රශ්නෙ.
"මෙම සමාගමේ රැකියාව ඔබට ලැබුණොත් ඔබ කොහොමද එය සාර්ථකව සිදු කරන්නෙ?"ඔබේ තරඟ කරුවා පිළිතුරු දෙනවා මෙන්න මෙහෙම.
"මගෙ අලෙවි ප්‍රවර්ධනය පිළිබඳව තිබෙන දැනුම භාවිතා කරල මම සැලසුම් හදල භාණ්ඩ අලෙවි කරනවා"ඔබ කොහොමද පිළිතුරු දෙන්නෙ???
"ඔබ සමාගමේ දැක්ම තමයි, ලංකාව තුළ .... භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වීම. ඉතින් ඒ දැක්ම අනුව යමින්, මම මගේ දැනුම ඉතා ඉක්මනින් දියුණු කරගන්නා අතර, සමාගමේ දැක්ම වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කරනවා."ඔබ හිතන්නෙ කාටද වැඩිපුර ලකුණු ලැබෙන්නෙ???
අනිවාර්යයෙන් ඔබටයි. කොහොමද එහෙම උනේ??? ඕනෑම සමාගමක් කැමතියි සමාගමේ අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියා කරන අයට. ඉතින් එහෙම අයට තමා වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ.ඔබට රැකියාව ලැබුණ. ඉතින් දැන් නිකං ඉන්න බෑ, ඔබ කිව්ව විදිහට මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ.

මීට අමතරව, ඒ සමාගම පිළිබඳව තවත් විස්තර සොයා බලන්න. සමාගම ඇරඹුනේ කොයි කාලෙද, ඒකෙ ශාඛා එහෙම තියෙනව නම් ඒවට ගිහිල්ල එතන වෙන දේවල් පිරික්සන්න, ඉන්න අයත් එක්ක ටිකක් කතා කරල බලන්න. එතනට එන පාරිභෝගිකයින් එක්ක කතා කරල බලන්න. විස්තර එකතු කරගන්න. ඒ පොඩි දෙයක් හරි වටින්න ඉඩ තිබෙනවා. ඒ හැම දෙයක්ම ඔබට රැකියාව ලැබෙන්න තිබෙන ඉඩ කඩ ටික ටික හරි වැඩි වෙනවා.

එහෙනම් අද කොටසත් දැනට අවසන්.


ඊලඟට කතා කරමු අපි, කොහොමද ඔබ වේදිකාව සකසා ගත යුත්තේ කියල. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.