sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

නව පොත් පිංචක් ගැන අදහස් අවශ්‍ය කර තිබේ


ඔයාලට මතක ඇතිනෙ මම මුලින් දුන්නු "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" හා "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" කියන කෙටි අත්වැල?
දැන් මම මේ තවත් එහෙම පොඩි අත්වැලක් හදන ගමනුත් ඉන්නෙ.

ඉතින්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" කියන පොත් පිංච මේ වෙනකොට භාගත කිරීම 1450ක් සම්පූර්ණ කරල තිබෙනවා.
"ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01" එක භාගත කිරීම 140ක් භාගත කිරීම් සම්පූර්ණ කරල තිබෙනවා.

දැන් මම සූදානම් වෙන්නෙ මීටත් වඩා දෙයක් ඔබ වෙත ලබා දෙන්න. ටිකක් සවිස්තරාත්මක පොතක් හදන්න.
ඉතින් ඒ සඳහා මට ඔබගේ අදහස් අවශ්‍ය කරල තිබෙනවා.
වෘත්තීය මාර්ගෝපදේශනය කියන විෂයය ගත්තම ඔබ එසේ මාර්ගෝපදේශනයකට යොමු වනවා නම් ඔබට අවශ්‍ය කරන දේ මොනවාද කියන එක මට කියන්න. එතකොට මට පුළුවන් ඒ ඒ දේවල් හැකි ආකාරයකට ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි පොතට එකතු කරන්නට.

ඔබගේ අදහස් මම අතිශයින් බලාපොරොත්තු වනවා. මොකද මේ උත්සාහය ඔබට ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න අත්වැලක් සැපයීමයි.

ඔබගේ අදහස් මෙහි කමෙන්ට් කිරීමෙන් හෝ cglk[at]consultant[dot]com යන ඊ මේල් ගිණුමට ඊ ලිපියක් හරහා සඳහන් කළ හැකියි.

ඔබට ස්තුතියි.

BBA - Special (Hons) Degree in Accounting and Finance - SLIIT

BBA - Special (Hons) Degree in Accounting and Finance - SLIIT

Specially designed for CIMA exam completed students.


Free eBook - ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද


Career Guidance LK වෙබ් අඩවිය හරහා අපි ඔබ වෙත ගෙන එනවා, නොමිලේම බෙදා හැරෙන "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" නමින් පොත් පිංචක්. 

මෙය නොමිලේම බෙදා හරින අධ්‍යාපනික අත් පොතක් කිව්වොත් නිවැරදියි.

අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පුළුවන් මේ පොත් පිංච කියවල තමන්වම හඳුනාගෙන තමුන් යා යුතු මාර්ගය නිවැරදිව තෝරාගන්න සහයක් ගන්න. 
අධ්‍යාපනය හදාරල අවසන් වෙලා රැකියාවක් සොයන්නට සූදානම් වෙන අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි තමුන්ගේ අනාගත රැකියාව තෝරාගන්න. 
රැකියාවක් කරමින් ඉන්න අයටත් මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, තමුන් තෝරාගෙන තිබෙන්නේ තමුන්ට ගැළපෙනම තමුන්ට සාර්ථකව කරගෙන යන්න පුළුවන් රැකියාවක්ද කියල හඳුනාගන්න.

දැන්මම මේ පොත් පිංච නිකම්ම දෙන්නෙ නෑ. ඔබ මට යම් සහයක් ලබා දිය යුතු වෙනවා. ඒ මම මේ දින වල සිදුකරමින් ඉන්න සමීක්ෂණයකට සහභාගී වෙන එක. මිනිත්තු 5ක් වගේ කෙටි කාලයකින් මේ සමීක්ෂණය ඔබට අවසන් කරන්න පුළුවන්.


එහි අවසන් පිටුවේදී මම ඔබගේ ඊ මේල් ලිපිනය අසනවා. එහි ඔබගේ ඊ මේල් ලිපිනය ලබා දෙන අයට නොමිලේ බෙදා හරින්නට නියමිත "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" ඊ බුක් එක මුලින්ම ලබා දෙනවා. දැනටමත් ඊට සහභාගී උනු අයට මේ පොත් පිංච අද හෝ හෙට ලැබේවි. 
අනිත් අයට ඔබ සමීක්ෂණයට සහභාගී වී දිනක් ඇතුළත ලැබේවි. 
සහභාගී නොවන/ඊ මේල් ලිපිනය ලබා නොදෙන්නන්ට තව සතියකින් දෙකකින් මම භාගත කළ හැකි සබැඳියක් ලබා දෙන්නම්.

ඔයාලගෙ බ්ලොග් එකක, වෙබ් අඩවියක මේ පොත් පිංච ගැන / සමීක්ෂණය ගැන කියන්න, බැනර් එකක් දාන්න කැමති නම් පහත කෝඩ් එක භාවිතා කරන්න. ස්තුතියි.

<a href="http://careerguidancelk.blogspot.com/2014/08/free-ebook-how-to-select-correct-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsYdw1caB4Eq_Fc9EGTP91TJYCZZnCX177BS5ktX2DYlNAAlIe628oesZacN8siw8nR20Jnwb_GDqTrNlX2kSn_mWLzyiBhpFKiJb_Qe023h7ecAqpw3ah923LwfrLK2o92sFUQkjqX6s/s1600/banner+ad+-+free+ebook+-+768.jpg" width="468"></a>


<a href="http://careerguidancelk.blogspot.com/2014/08/free-ebook-how-to-select-correct-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrsB1yheMp7ADK4JercMgeaasVamXOGDj1QQAnqYMPGyT-IBxtvmGa9jysclp01G3FvQDVQG5MecQwyStN-KO-E6uHZqEW6MyNAzucZoWawKgYBJ5MRXw2jgsEewc9MNERu5ywLhUdaq4/s1600/square+ad+-+free+ebook.jpg" width="300"></a>

රතු පැහැයෙන් තිබෙන ඉමේජයේ පළල දැක්වෙන පික්සල් ගණන ඔබට ගැළපෙන ආකාරයට වෙනස් කරගන්න. 

ඔබ කුමක් හෝ උගත යුතුයි


මම පොඩි දෙයක් ගැන පහුගිය ටිකේ හිතුව. ඡායාරූපකරණය ගැන හා Photoshop වැනි මෘදුකාංග හරහා Graphic Design ඉගෙන ගත යුතුයි කියල. (චුට්ටක් දන්නව, නමුත් දන්න තරම හොඳටම මදි.)

ඇයි?

මොකද, මේ දේවල් ගැන තිබෙන ඉල්ලුම ඉතා වැඩියි. ඉතින් තමුන් වැඩි දෙයක් දැනගෙන ඉන්නව නම් තමුන්ට තිබෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තමුන්ට තරඟයක් දෙන්න ඉන්නකට්ටියත් අඩු වෙනවා.
ඉතින් ඒකයි මම මේ දේවල් ගැන ඉගෙනගන්න පටන් ගත්තෙ. මම අන්තර්ජාලය තුළින් ගොඩක් පොත් හා විඩියෝ tutorials එකතුකරගත්ත. පසුගිය කාලයේ තිබුනු ඡායාරූපකරණය ගැන තිබුණු ප්‍රදර්ශන වලට ගිහිල්ලත් යම් යම් දැනුමක් එකතු කරගත්ත. ඉතින් දැන් මේව ටික ටික මම බලනව.

ඒක ඉතා සාර්ථකයි, නමුත් තව ගොඩක් දේවල් තිබෙනව බලන්න. ඉතින් මේ හරහා රැකියා අවස්ථාවකුත් කරගන්න පුළුවන් නේද කියල මට හිතුන. 

ඉතින් මේ දේවල් එක්ක මම එක් නිගමනයකට ආව, යමෙක්ට සාර්ථකත්වයට යන්න ඕනෙ නම් ඔහුට/ඇයට, යම් විෂයක් සම්බන්ධයෙන් ඉගෙනගත යුතුයි කියන එක. ඒ කියන්නෙ ඔබ මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් උගත යුතුයි. අන් අය අගය කරන හා අන් අයටත් ප්‍රයෝජනයක් ගත හැකි දෙයක්.

උදාහරණ ගමු.
නිකම්ම වෙබ් අඩවියක් හදන්න, බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන් උනාට හරියන්නෙ නෑ. ඒ ගැන හොඳින් හදාරා ඒ විෂය සම්බන්ධයෙන් හොඳ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික දෙනුමක් එකතු කරගත යුතුයි. එහෙම කරනකම් ඒ දැනුම මූල්‍යමය වටිනාකමක් එක් කරන එකක් වෙන්නෙ නෑ.
වෙබ් ඩිසයින් ගැන ගත්තොත්, HTML, CSS ඉගෙන ගැනීම නෙමෙයි වෙබ් ඩිසයින් කියන්නෙ. typography, design patterns, color combinations, JavaScript සම තවත් ගොඩක් දේවල් ඉගෙන ගැනීමයි. ඒව හැම එකක්ම හොඳින් ඉගෙන ගත්තම ඔන්න ඔබේ අතේ තියෙනව මූල්‍ය වටිනාකමක් තිබෙන දැනුමක්. 

අපි ගමු අපේ බ්ලොග් ලියන්නන්, බ්ලොග් ලියන්නන් බොහොමයකට ලිවීමේ හැකියාව මොනවට පිහිටල තිබෙනව. තාක්ෂණික දෙයක්ද, කතන්දරයක්ද, ඉතාම සිත් ඇදගන්නා විදිහට ලියන්න පුළුවන් අය ගොඩාක් ඉන්නව. 
ඉතින් ඔබ ලියන්න කැමති නම්, ඒකෙන් කියවෙන්නෙ නෑ අරම සිත් ඇදගන්නා බ්ලොග් ලිපියක් ලිවීමම ප්‍රමාණවත් කියල. මුලින්ම ඔබ තීරණය කළ යුතුයි ඔබ ලියන්නෙ මොනව ගැනද කියල. (උදා: විහිළු කතා, බ්ලොග් ලිවීම ගැන, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන. 2D/3D Modeling ගැන ) ඊට පස්සෙ ඔබ කළ යුත්තේ ඒ දේ ගැන හොඳ දැනුමක් එකතු කරගන්න එක, හොඳින් ඒක ඉගෙනගන්න එක. පොත් පත් කියවල, වෙබ් අඩවි පීරල, tutorials බලල, යම් පාඨමාලාවක් හදාරල, ඒ දැනුම එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඒක ඉතා හොඳින් පුහුණු වීමත් වැදගත්. 

ඉතින් අවසානව කියන්නෙ,ඔබට යමක් අවශ්‍ය නම් ඒකට යන්න උත්සාහ කළ යුතුයි. ඔබට ආඩම්බර විය හැකි, දැකිය දැනිය හැකි, අන් අයගේ ප්‍රශංසාවට භාජනය විය හැකි, අන් අයටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඔබට ලබා ගන්න පුළුවන් නම් ඔබ දිනුම්. අන්න ඒකයි සාර්ථකත්වයට මඟ.

ඉතින් ඔබ තාමත් පටන් ගත්තෙ නැත්තම්, ඇයි තවත් බලා ඉන්නෙ???