sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

Digital යුගයේ රැකියා සොයා යාම - Fact Sheet 2

ඔබගේ වෘත්තිය සැළසුම් කිරීම සම්බන්ධයෙන් අපි මීට පෙර ඔබට අපේ පළමු Fact Sheet එක ලබා දුන්නා,
මේ හදන්නෙ දෙවන Fact Sheet එක ඔබ වෙත ලබා දෙන්න. මේ Digital ලෝකයේ රැකියා වෙලඳපළ තුළ සැරිසරනකොට ඩිජිටල් ලෝකයේදී හැසිරෙන්නේ කොහොමද කියල අපි හොයල බලමු.

අපි හැමදෙනාම ටික ටික හරි සමාජ සබඳතා වලට කැමතියි. රැකියා ලබා දෙන්නනුත් දැන් එහෙමයි. දැන් කාලෙ නව බඳවාගැනීම් සම්බන්ධ වෙනකොට Social Media කියන එකත්  විශාල ව්‍යාපාරයක් වෙනවා. සමහර අයට රැකියා අවස්ථා පිළිබඳ විස්තර / දැන්වීම අන්ත්ර්ජාලය හරහාත් ලැබෙනවා. ඔබටත් ඒ වගේ වෙන්න ඕනෙ නම් ඔබත් දැන් කාලෙ වේගයට එකතු වෙන්න වෙනවා. ඔබටත් වේගවත් වෙන්න වෙනවා. මොකද Social Media නිදාගන්නෙ නෑ කොයි වෙලේවත්. ඒ වගේම තමා මුදලුත්, නේද?? 

ඔබගේ Curriculum Vitae එක ඔබ නව රැකියා අවස්ථාවක් සොයන එකට අවශ්‍ය හොඳම මෙවලමක්. නමුත් ඒකත් දැන් ටිකක් පරණ තාලෙ දෙයක් වෙලා.  ඒක නිසා තමයි දැන් professional Online Profiles ලෙස LinkedIn, Twitter  වගේ දේවල්, Facebook වුවත්, කරළියට එන්නෙ. ඒවා හරහා ඔබට පුළුවන් මේ ඩිජිටල් වෙමින් පවතින ලෝකයේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඉන්න, ඩිජිටල් තාක්ෂණයත් එක්ක වැඩ කරන්න කැමති  මිනිස්සු එක්ක කරට කර වැඩ කරන්නට. 
ඉතින් මෙම කෙටි අත්වැල හරහා, මේ ඩිජිටල් යුගයේ රැකියා වෙළඳපළ තුළ ඔබට ගැළපෙනම රැකියාව දඩයම් කරගන්නේ කොහොමද, ඔබගේ නම ලෝකයට ගෙන යන්නේ කොහොමද කියල කෙටියෙන්, සරළව අදහසක් දෙන්නයි අපගේ සූදානම. 
වැඩේ හරියට කරගත්තොත්, ඔබට හිතාගන්න බැරි තරම් වෘත්තීය යෝජනා ඔබට එන්නට පුළුවන්. 

පහතින් එය භාගත කරගන්න.
Download: 
මුරපදය: careerguidancelk

මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.
ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:



මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ඔබ වෙත නොමිලේම තොරතුරු, උපදෙස් ලබා දීමට වෙහෙසෙන වෙබ් අඩවියක්.
මෙම බ්ලොග් අඩවිය තවත් දියුණු කිරීමට අපි බොහොමත්ම වෑයමක් දරමින් සිටිනවා, සැළසුම් කරනවා.
ඉතින් අපගේ මේ ප්‍රයත්නයට ඔබට හැකිනම් මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්නට, එය අපගේ සැළසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට මනා සහයක්.

Help us to GROW, to serve you MORE....

ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet 01

ඔබ, වෘත්තීය ජීවිතය සමඟ කුමනාකාරයේ මාර්ගයක ගමන් කරන්න තීරණය කළත් (එය උපදේශකයෙක්, විධායක නිළධාරියෙක්, සාමාන්‍ය නිළධාරියෙක්, කුමක් වුවත්) එය කරන්න හොඳම ක්‍රමය තමයි යම් සැළසුම්සහගත ආකාරයකට එය සිදු කිරීම. වෘත්තීය සැලසුමක් පැවතීම, ඔබට උනන්දුවක් ඇති කරන ඉලක්කයක් ලබා දෙනවත් එක්කම, කාර්යයාලයේදී ඇතිවන අපහසුදායක අවස්ථා වල ධනාත්මකව සිතීමටත් උපකාරී වෙනවා.

අපි මේ පිළිබඳව අපගේ දැනුම ඔබගේ සහයට ලබා දෙමින් ඔබගේ වෘත්තීය ඉලක්ක ජය ගැනීම සඳහා සහයක් විය හැකි කෙටි අත්වැලක් ලබා දෙන්නෙමු. මේ උපදෙස්, ඔබගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ඉතින් මේ පළමු Fact Sheet එකේදි අපි "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම" කිරීම යන මාතෘකාව ඔස්සේ පහත කරුණු සාකච්ඡා කරන Fact Sheet එකක් ලබා දෙනවා. 

  • ඔබගේ වෘත්තිය සංචාරයක් සේ සිතන්න
  • ඔබව පොළඹවන දේ හඳුනාගන්න
  • ඔබගේ හැකියාවන් තියුණු කරගන්න
  • සුදුසුකම් හා පළපුරුද්ද
  • ඔබේ සැළසුම පෙළ ගස්වන්න
  • සියළුම විකල්ප සළකන්න
  • සාක්ෂි විමසන්න
  • ඔබගේ සේව්‍යයාගේ අවශ්‍යතා හඳුනාගන්න.

පහතින් එය භාගත කරගන්න.


ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? සැලසුම් කරන්න, ඒවා විශාලනය කරන්න, ඒවා භාවිතයට ගන්න. ඒත් එක්කම ඔබගේ මාර්ගය තුළදී වෙනස් වන්නට බිය වෙන්න එපා. ඔබගේ වෘත්තීය ගමන උද්‍යෝගජනක, පුදුමයන්ගෙන් පිරි, නව අවස්ථාවන් සපිරි එකක් විය යුතුයිඉතින් ඉන් සතුටු වන්න.
ඔබට ගැන තවත් කතා කරන්නට අවශ්‍ය නම්, අප සමඟ සම්බන්ධ වන්න.


මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.
ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:



මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ඔබ වෙත නොමිලේම තොරතුරු, උපදෙස් ලබා දීමට වෙහෙසෙන වෙබ් අඩවියක්.
මෙම බ්ලොග් අඩවිය තවත් දියුණු කිරීමට අපි බොහොමත්ම වෑයමක් දරමින් සිටිනවා, සැළසුම් කරනවා.
ඉතින් අපගේ මේ ප්‍රයත්නයට ඔබට හැකිනම් මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්නට, එය අපගේ සැළසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට මනා සහයක්.

Help us to GROW, to serve you MORE....

සාර්ථක CV එකක් සාදා ගනිමු - 4 (සාර්ථක CV එකක දිග)


කොටස 1
කොටස 2
කොටස 3

සාමාන්‍යයෙන් CV එකකට ස්ථිර දිගක් නෑ.
සමහරු කැමතියි තනි පිටුවෙ CV එකකට. සමහරු දෙකකට. සමහරු කියන්නෙ එහෙම ලිමිට් එකක් නෑ අයදුම් කරන රැකියාව, රැකියාවේ ස්වභාවය, පවතින සුදුසුකම් ප්‍රදර්ශනය කල යුතු ප්‍රමාණය අනුව දිග වෙනස් විය යුතුයි කියල.
නමුත් ලංකාව සැළකුවම අවම වශයෙන් පිටු දෙකක CV එකක් අවශ්‍යයයි කියලයි මම හිතන්නෙ. පිටු 3 කියන එකත් ගැටළුවක් නෑ. හැබැයි පිටු 3කට වඩා නම් වැඩි නොවෙන තරමට හොඳයි. මොකද දිග වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බලන කෙනාට කරදරයි, වෙලාව ගොඩක් යනව, ටිකක් බලාගෙන යනකොට එපා වෙනව, ඔය වගේ ගැටළු එනව.

හරි.

ඔයාට පිටු 2, 3ක් දාන්න තරම් විස්තර නෑ. මොකද කරන්නෙ???? 
පොඩි ගැටළුවක් තමයි. දාන්න විස්තර නැත්තෙ ඇයි? 
ඔයාට අධ්‍යාපන සුදුසුකම්, අත්දැකීම්, රැකියා ඉතිහාස, වෙන විස්තර නැද්ද?
ඒකට කමක් නෑ. නමුත් ඔබ අයදුම් කරන රැකියාවට ගැළපෙන මොනවා හරි දේවල් තිබෙනවා නම් ඒව පිළිවෙළකට ගලපල සිත් ඇදගන්නා ආකාරයකට පෙන්වන්න. ටිකක් line spacing වැඩි කරන්න. අනවශ්‍ය තරම් වැඩි කරන්න එපා. පිටුවෙ margins පොඩ්ඩක් වැඩි කරන්න.

ඔයාට විස්තර තිබෙනවා පිටු 2-3කට.
එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට ලස්සනට පිළිවෙලට ඒව පෙළ ගස්වල හොඳ CV එකක් හදාගන්න.

සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting

  • ඇහැට පැහැදිලිව පෙනෙන official font එකක් භාවිතා කරන්න. Time New Roman, Cambria, Sans Serf තමා ඒ වගේ fonts. මම නම් රෙකමදෝරු කරන්නෙ Cambria. ඒක පැහැදිලියි, ඇහැට ප්‍රියමනාපයි. Office 2007 එක්ක ආපු Calibri font එකත් දැන් ගොඩක් අය භාවිතා කරනව. නමුත් ඒක official font එකක ගති ලක්ෂණ නැති ෆොන්ට් එකක්. ඒ නිසා ඒක භාවිතා කරන්න එපා කියන එකයි මගෙ අදහස නම්. 
  • Font Size එක 10-11 තමයි හොඳම ගාණ. ප්‍රධානම මාතෘකා වලට 14 points, හා අතුරු මාතෘකා වලට 12 points හෝ 11 points bold භාවිතා කරන්න.
  • Page Margins වමෙන් 2.54cm හා අනෙක් තුන් පැත්තෙන් 1.27cm තියන්න. මේව නීති නෙමෙයි, හොඳ ගනං. ඉතින් පොඩ්ඩක් එහා මෙහා උනා කියල කිසිම ගැටළුවක් නෑ.

මගෙ CV එක පිටු 3 පනිනවනෙ.
ටිකක් අඩු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
"කොහොමද අඩු කරන්නෙ??? මේ ඔක්කොම දේවල් මට දාන්න ඕනෙනෙ."

මෙහෙම කරල බලමු ටිකක්.
Page Margins ටිකක් අඩු කරන්න. Font Size එක 0.5ක් වගේ අඩු කරල බලන්න. නැත්තම් 1 point වලින්. Line Spacing ටිකක් අඩු කරල බලන්න. වගු භාවිතා කල හැකි තැන් වලට වගු භාවිතා කරන්න. වගු භාවිතා කරනව නම් තව column එකක් එකතු කරල තව ඉඩ ගන්න පුළුවන්ද බලන්න. 
මේ දේවල් හරියන්නෙ නැති නම් ඔයාගෙ CV එකේ අන්තර්ගතයට අත තියන්න වෙනවා. අන්තර්ගතයේ වචන පොඩ්ඩක් වෙනස් කරල වාක්‍ය කිහිපයක් ටිකක් කොට කරන්න උත්සාහ කරන්න. ඔයාගෙ CV එක ඉතාම හොඳින් කියවල, ඔයාට වටිනාකමක් එකතු කරන්නෙ නැති කොටස් තිබෙනවා නම්, වචන/වාක්‍ය තිබෙනවා නම් ඒවා ඉවත් කාර්න්න/වෙනස් කරන්න. 

අධ්‍යාපනික ක්ෂේත්‍රයේ රැකියා, හුඟක් තාක්ෂණික දේ සම්බන්ධ රැකියා වලට අයදුම් කරන අයට CV එකට ඇතුළත් කල යුතු දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්ෂේත්‍ර වල අයගෙ CV ටිකක් දිග උනාට කමක් නෑ. මොකද ඒ වගේ ඒව කොට කරන එක තමන්ටම පාඩු නිසා. 

අමතර දෙයක්,
CV එකේ අන්තර්ගතය, වගු හා bulleted lists වලින් දෙන්න උපරිමයෙන් උත්සාහ කරන්න. කවුරුවත් කැමති නෑ දිග ඡේද කියවන්න. (මේව ගැන ඉදිරියට තව ගොඩක් කතා කරනව. )

ඊලඟට කතා කරමු CV එක හදද්දි තවත් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු දේවල් ගැන.



මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 4 (මානසිකත්වය සකසා ගන්නා හැටි)

මින් පෙර ලිපි තුනකින් අපි කතා කළා,
හා
අද කතා කරමු, ඔබගේ මානසිකත්වය සකසා ගන්නා හැටි.

1. ඔබගේ ආකල්ප වෙනස් කරගන්න.
ඔයා රැකියාවක් හොයනව තමයි. නමුත්, "මම රැකියාවක් හොයනව" කියල හිතාගෙන සම්මුඛ පරීක්ෂණයකට යන එකයි, "ඔයාලට කරගන්න තියෙන වැඩ ටික කරල දෙන්නයි මම එන්නෙ" කියල හිතාගෙන සම්මුඛ පරීක්ෂණයකට යන එකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඔයා රැකියාවක් හොයනවා කියන්නෙ ඔයාට යමෙක් යම් දෙයක් දෙයි කියල ඔබ බලපොරොත්තුවෙන් ඉන්නව කියන එකනෙ. ඉතින් ඒකට මොකද්ද කරන්න ඕනෙ? ඒ අයගෙ හිතට වදින විදිහට, ඒ අයට ඔයාට කැමති වෙන විදිහට හැසිරෙන්න ඔබට සිදු වෙනවා. 

ඔබ ගැන හොඳ අදහසක්, ඔබ රැකියාවක් බලාපොරොත්තුවෙන් යන තැන ඉන්නගෙ හිතේ ඇති කරනවටත් වඩා ඔබ කළ යුතු දෙයක් තිබෙනවා. ඒ මොකද්ද? "ඔවුන්ට සහය වීමට ඔබට හැකියාව හා දැනුම තිබෙනවා" කියල පෙන්නන එක. 
ඔබ සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙන වෙලාවෙ කියන වචන වලින්, හැසිරෙන ආකාරයෙන්, සියළු දෙයින් ඔබ පෙන්විය යුතුයි, "මම මෙන්න මෙහෙම තමයි ඔබගේ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නේ" කියන එක. 

2. ස්ථාවර වෙන්න.
ඔබ මේ වෙනකොට රැකියා කිහිපයක්ම කරල තිබෙන කෙනෙක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ ඇයි කියන ප්‍රශ්නය ඔබෙන් අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂකයින් අසනවා. ඉතින් ඊට හොඳ පිළිතුරක් සකසාගෙන තියාගන්න. ඊට අමතරව ඔබට මේ රැකියාවේ ස්ථාවර විය යුත්තේ ඇයි යන්න පිළිබඳවත් හොඳ විස්තරයක් සකසා ගන්න. කිසිම සමාගමක් කැමති නෑ, ටික කාලයක් ඉඳල යන්න යන කෙනෙක්ව රැකියාවට ගන්න. 
ඔබ දැන් ඉන්න මට්ටම මොකද්ද, ඔබ ඒ මට්ටමේ තවත් කොතෙක් කාලයක් ඉන්න බලාපොරොත්තු වෙනවාද, ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳවත් කෙටියෙන් සඳහන් කළ හැකි විස්තරයකුත් සූදානම් කරගන්න.

මේ රැකියාව, මේ ක්ෂේත්‍රය තුළට ඔබ ඇතුළු වන්නේ ඇයි යන්නටත් පිළිතුරු ලබා දෙන්න ලෑස්ති වෙලා යන්න. ගැළපෙන හේතුන් ලබාදෙන්න. උදා: මේ ක්ෂේත්‍රයේ තමයි මේ වගේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉහළම තාක්ෂණය තිබෙන්නේ. ඉතින් මම මේ ක්ෂේත්‍රයට කැමති උනා" වගේ.

3. හැකියාවන්ට රැකියාවක් සොයන්න, රැකියාවකට හැකියාවන් බලන්න එපා.
හුඟක් අය කරන වැරදි දෙයක් තමයි, යම් රැකියාවක් තෝරාගෙන ඊට තමන් ගැළපෙනවද. ඊට අවශ්‍ය වෙන හැකියාවන් හා සුදුසුකම් මොනවාද කියල හොයන එක. එහෙම නෙමෙයි, අනිත් පැත්තට කරන්න උත්සාහ කරන්න.

  • ඔබගේ හැකියාවන් ලැයිස්තුවක් සකසන්න. ඊට පස්සෙ බලන්න ඒ හැකියාවන්ට ගැළපෙන ක්ෂේත්‍ර මොනවාද, ආයතන මොනවාද, රැකියා මොනවාද කියල. ඔබෙන් වැඩක් වෙන රැකියා මොනවාද කියල. එහෙම එකකින් තමයි ඔබටත් අදාල සමාගමටත් සෑහීමකට පත් වෙන්න පුළුවන් වෙන්නෙ.
  • ඔබ සොයා ගන්නා ලද රැකියා අවස්ථාව ඔබට, ඔබගේ පෞරුෂයට, ඔබට අවශ්‍ය වැටුපට හරියන රැකියාවක්ද කියල බලන්න. මොකද ඒ දේවල් ඔබට ගැළපුනේ නැත්තම් ඔබ ඒ රැකියාවෙන් සෑහීමට පත් වන එකක් නෑ. 
  • ඔබට උදේ පාන්දර ඇහැරෙන්න බැරි නම්, නැතිනම් රාත්‍රී සේවයේ යෙදෙන්න බැරි නම්, පාන්දර රැකියාවට යන්න ඕනෙ, නැතිනම් රාත්‍රී සේවා මුර කරන්න තිබෙන රැකියාවක් ඔබට හරියන්නෙ නෑනෙ, නේද?
  • බය වෙන්න එපා. ඔයාට ගැළපෙන රැකියා අවස්ථාවක් දැක්කොත්, ඒකෙ තියෙන සියළුම සුදුසුමක් ඔයාට නැති උනා කියල ඒක අත ඇරල දාන්න එපා. සමාගමක් රැකියා අවස්ථා වල දැන්වීම් පල කරන්නෙ, ඔවුන් හොයන හරියටම ගැළපෙන රැකියා අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම් යොදල. නමුත් 100%ක්ම ඒවට ගැලපෙන කෙනෙක්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එහෙම හිටියොත් ඉතින් එයාලගෙත් වාසනාවකට තමා. ඒවායින් යම් ප්‍රමාණයක් හරි ඔබට තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ රැකියා ඇබෑර්තුව ගැන සැළකිලිමත් වෙන්න ඕනෙ. ඔබට තිබෙන සුදුසුකම් ඔබ කොහොමද ඔවුන්ට කියල ඔවුන්ගේ සිත දිනාගන්නේ කියල හිතල සැළසුම් කරගන්න ඕනෙ. ඒත් එක්කම පසු කාලීනව (රැකියාව තුළ සිට) ඒ ඔබට තිබුණෙ නැති සුදුසුකම් ලබා ගන්නත් ඔබ සැළසුම් කරගෙන ඒවාත් ලබා ගත යුතු වෙනවා. එතන තමයි ඔබගේ රැකියාව තුල වර්ධනය සිදු වන්නේ. 



ඉතින් මෙතනින් මේ රැකියාවක් සොයා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපි මාලාව අවසන්. නමුත් මේ විෂයය ගැන කතා කරල ඉවර නෑ. මේ පිළිබඳව තවත් අපි කතා කරමු ඉදිරියේදී.



මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න,, පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 3 (වේදිකාව සකසා ගන්නා හැටි)

මින් පෙර ලිපි දෙකකින් අපි කතා කළා,
සුදුසුකම් සකසා ගන්නා ආකාරය
හා
සූදානම් වන ආකාරය
ගැන.
අද කතා කරමු, තවත් සූදානම් වන හැටි.

1. අවිධිමත් සම්මුඛ පරීක්ෂණ සිදු කරන්න.
මේක ලංකාවෙ සිදු වෙන්නෙ නැති උනත්, වෙනත් රටවල් වල නම් සිදු වෙනවා. යම් වෘත්තිකයෙක් හමු වෙලා නැති නම් එහෙම කෙනෙක්ට තේ එකකට, කෑමකට ආරාධනා කරල, ඔහුත් එක්ක / ඇයත් එක්ක, වර්තමාන රැකියා ගැන, කර්මාන්ත ගැන, ඔහුගේ / ඇයගේ රැකියාව ගැන සාකච්ඡා කිරීම. හැබැයි මතක තියාගන්න ඕනෙ, ඇතිවෙන්න ප්‍රශ්න ලෑස්ති කරගෙන යන්න.
  • මතක තියාගන්න, මේ හමුවීම, ජොබ් එකක් අල්ලගන්න කරන හමුවීමක් නෙමෙයි, අන්තර් සබඳතා ඇති කරගන්න දැනුම ලබා ගන්න කරන හමුවීමක්.
  • ඒ අය හරහා ක්ෂේත්‍රයේ ඉන්න වෙනත් ප්‍රවීණයන්, වෘත්තිකයින් ගැන තොරතුරු දැනගන්නත් පුළුවන්. ඉතින් මේක හොඳ ක්‍රමයක් සබඳතා ගොඩ නඟාගන්න.
  • ඉතින් හමුවීම අවසන් වන විට, ඔබට පුළුවන් ඔහු / ඇය කැමති නම් ඔවුන් සම්බන්ධ කරගත හැකි වෙනත් විස්තර ඉල්ලා ගන්නට. ඔබේ විස්තරත් ඔවුන්ට දෙන්න අමතක කරන්න එපා. 
මේ හමුවීමෙන් ඔබට ඇයගේ / ඔහුගේ සිත දිනාගන්න පුළුවන් උනා නම්, ඔවුන්ට දැනගන්නට ලැබෙන ඇබෑර්තුවකට ඔබව රෙකමදෝරු කරන්න උනත් ඔවුන් ඉඩ තිබෙනවා.

2. විවිධ අය සමඟ සම්බන්ධ වන්න.
ඔබ දන්නවද? වැඩ කරන්න හොඳම සමාගම්, තමන්ට අවශ්‍ය සේවකයින් වැඩිපුරම සොයාගන්නෙ එම සමාගමේ පුද්ගල සබඳතා හරහායි. ඉතින් ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබට සිටින මිතුරන්, නෑදෑයින් සේවය කරන සමාගම් වල ඔබට ගැළපෙන රැකියා අවස්ථා තිබෙනවාද කියල ඔවුන්ගෙන් අහල බලන්න. තිබෙනවා නම් ඔබව ඊට රෙකමදෝරු කරන්න හැකියාවක් තිබෙනවාද කියල අහල බලන්න. තදින් කියන්නත් එපා, ඕනෙවට වඩා වැළපෙන්න යන්නත් එපා. හරියටම ඔබට ඕනෙ දේ කියන්න. ඒත් එක්කම කියන්න ඔබ ඕනෙම දේකට නම්‍යශීලී බව. සමහරවිට ඔබට හරියටම අවශ්‍ය රැකියා ඇබෑර්තු එතන නොතිබෙන්න ඉඩ තිබෙනවා. මේ අවස්ථාවේදී ඔබ අවස්ථානුකූලව නම්‍යශීලී විය යුතුයි. පස්සෙ පුළුවන් වැටුප් වර්ධක ඉල්ලන්න, රැකියාව වෙනත් තනතුරකට මාරු කරගන්න වගේ දේවල් කරන්න.
  • ඔබ ඔබගේ resume එකේ දාල තිබෙන නිර්දේශකයින් (Referees) එක්ක කාලෙන් කාලෙට කතා කරන්න. ඒකෙ ප්‍රයෝජන දෙකක් තිබෙනවා. 1. ඔවුන්ට ඔබ ගැන මතකය අලුත් කරන්න. ඔබ ගැන හොඳ මතකයන් තිබෙන අය වෙන්න ඕනෙ ඔබගේ නිර්දේශකයින්. 2. ඔවුන් හරහා වුවත් ඔබට රැකියා ඇබෑර්තු ගැන තොරතුරු ලබාගන්න අවස්ථා සැළසෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ resume එකෙහි නවතම සංස්කරණයක් ඔවුන්ට ලබා දී ඔවුන්ට ඔබ ගැන දැනුම දෙන්නටත් උවමනායි.
    මට අවස්ථාවක් මතකයි විශ්ව විශ්ව විද්‍යාලයේදී සිදු උනු. අපි විශ්ව විද්‍යාලයේ ඉගෙනීම අවසන් කර මාස 7-8ක් ගිහිල්ල. මම වරක් ගියා අපේ දෙපාර්තමේන්තුවට යම් අවශ්‍යතාවයකට අපේ Department Head මුණගැහෙන්න. එතන මම ඉන්නවිට ඇයට දුරකතන ඇමතුමක් ආව. කතා කළ කෙනා ඇසුවේ අපේ දෙපාර්තමේන්තුවේ සිටි සිසුවෙක් ගැන. ඇය කිව්ව "ඔව් ඔව්, ඒ student හොඳට වැඩ කළා, බාහිර කටයුතු වලටත් සහභාගී උනා. හොඳට perform කළ ළමයෙක්" කියල. ඊට පස්සෙ ඇය මගෙන් ඇහුව, "කවුද මාධව ඔයාලගෙ බැච් එකේ <මගෙ මිතුරෙක්ගෙ නමක්> කියන්නෙ?" කියල!!!
    ඉතින්, අන්න ඒ වගේ අවස්ථාවකට ඔබගේ නිර්දේශකයා පත්වන්නට ඔබ ඉඩ තබන්න එපා. බැරි වෙලා හරි ඒ ආකාරයේ ඇමතුමක් එන වෙලාවෙ ඔහු/ඇය යම් තරහකින්/සිත් තැවුලකින් සිටියා නම්, අනිවාර්යයෙන්ම කියයි, "මට මතක නෑ" "මම දන්නෙ නෑ" වගේ දෙයක්. එතනින්ම ඔබේ අවස්ථාව ඔබට අහිමි වෙනවා. 
  • තවත් දෙයක්. ඔබට කෙලින්ම තිබෙන සබඳතා ගැන විතරක් බලමින් ඉන්න එපා. ඊටත් එහාට යන්න. දුර්වල සබඳතා උනත් වටිනවා. ඔබගේ සොහොයුරා වැඩ කරන ආයතයේ රැකියා අවස්ථාවක් ඔබට කියාවි යයි ඔබ බලාපොරොත්තු වෙනව. නමුත් ඔහුගේ මිතුරෙකු වැඩ කරන සමාගමක ජොබ් එකක් තිබ්බොත්? අන්න ඒ වගේ සබඳතා හරහා උනත් රැකියා සොයන්නට පුළුවන්.
    ඉතින් ඒ වගේ දුර සම්බන්ධතා එක්කත් කතා කරල බලන්න අමතක කරන්න එපා. 
3. ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන්න.
ඔබ දැනටමත් කරන්නේ නැති නම්, ඔබ කැමති ආකාරයේ දෙයක් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනයකට ස්වේච්ඡාවෙන් සහය වන්න. (ඔවුන් ස්වේච්ඡා සේවකයින් යොදා ගන්නවා නම්) මුලදි ඉතින් පොඩි පොඩි කම්මැලි වැඩ කරන්න වෙයි. නමුත් ටික කාලයකදි ඔයා මහන්සි වෙලා වගකීමෙන් වැඩ කරනව වගේ පෙනුනොත් එයාල ඔයාට වඩා වැදගත් ලොකු වැඩ දෙයි. මේකෙන් ඔයා වැඩ කරනව විතරක් නෙමෙයි, ඔයාට එක එක වැදගත් අයව හඳුනා ගන්න ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම ඒ කරන වැඩ ඔයාගෙ Resume එකට එකතු කරන්නත් පුළුවන්. හුඟක් සමාගම්, එහෙම සමාජ සේවයක් කරන පුද්ගලයින්ව රැකියාවන්ට ගන්න කැමතියි.

  • විවිධ පුහුණු කාලයනුත් මේකට වැටෙනව. Internships නැත්තම් Vocational Training කියන්නෙ. සමහරක් ඒවායේදී යම් ගෙවීමක් කරනව, සමහර තැන් වල ගෙවන්නෙ නෑ. නමුත් මේක ඉතාම හොඳ අවස්ථාවක් ඔබට රැකියාවක් ස්ථාවර කරගන්න. මොකද තැන ඔබ දන්නව, කරන්න තියෙන වැඩ දන්නව, එතන ඉන්න අයව දන්නව. ඔබ ඒ ඉන්න කාලය හොඳින් වැඩ කළොත් ඔබට එතන එන ඇබෑර්තුවකට ඉල්ලුම් කර ඉහළින්ම ජය ගන්න හෝ ඇබෑර්තුවකට ආයතනය මගින්ම ඔබට කතා කරන්නට ඉඩ තිබෙනවා. 
  • ඔබ විශ්වාස කළත් නොකලත්, ස්වේච්ඡා සේවා හා Interns කියන්නෙ හුඟක් ආයතන කෙලින්ම රැකියා වලට සේවකයින් බඳවා ගන්නා ප්‍රධාන ක්‍රම දෙකක්. මොකද ඒ දෙකේදිම, ආයතනය ඒ පුද්ගලයින් ගැන හොඳින්ම දන්නවා. දැන් කාලෙ සමාගම් ටිකක් අදිමදි කරනව, මුදල් වැය කරල අඳුරේ අප පත ගානව වගේ නොදන්නා අයව රැකියාවට ගන්න. දන්න කෙනෙක්ව ගන්න එක ලාභදායී හා පහසු ක්‍රියාවක්. ඉතින් ඔබ හොදට වැඩ කරල වර්ණ පෙන්නුවොත්, සමාගමක් කිසි විටෙක කැමති වෙන්නෙ නෑ ඔබ වගේ වටිනා කෙනෙක්ව නැති කරගන්න. 
4. කතා කරල බලන්න.
ඔබට වැඩ කරන්න කැමැත්තක් තිබෙන ආයතනයක ඔබට සහයක් විය හැකි කෙනෙක්ව තෝරාගෙන (HR Manager වගේ කෙනෙක්) ඔහුට / ඇයට දුරකථන ඇමතුමක් දීල නිකමට පරික්ෂා කරල බලන්න ඔබට ගැළපෙන ආකාරයේ රැකියා ඇබෑර්තු ඔවුන්ගේ සමගමේ තිබෙනවාද කියල. නැති උනා කියල පසු බසින්න එපා. ඔවුන්ගෙන් වැඩි විස්තර විමසන්න. ඔවුන් බලාපොරොත්තු වන්නේ කොහොම අයවද, මොන වගේ සුදුසුකම් තිබෙන අයද  වගේ දේවල්. ඒත් එක්කම අහන්න ඔබේ Resume එකක් එවන්නද කියල. ඔහුගේ / ඇයගේ ඊ මේල් ලිපිනය් එහෙම ඉල්ලගන්න. ඔහු / ඇය එකඟ උනොත් දුරකතනයේ ගත කළ කාලයට, ලබා දුන් විස්තර වලට ස්තුතිවන්ත වන ගමන් ඔබගේ resume එකක් යවන්න. එතකොට අනාගතයේදී හෝ ඇබෑර්තුවක් ලැබුනොත් ඔබට කතා කරන්නට ඉඩ තිබෙනවා. ඔබේ යම් වටිනාකමක් හෝ තිබෙන බව ඔවුන් දැක්කොත් ඔබගේ resume එක ඔවුන් ෆයිල් කරල තියා ගනීවි.


  • මට්ටමෙන් ටිකක් පහත රැකියා උනත් විමසල බලන්න. මොකද ඔබට සුදුසුකම් හා පළපුරුද්ද දියුණු කර ගැනීමට ඒක අවස්ථාවක් වෙන්න පුළුවන්. නැතිනම් ඔවුන්ගේ සමාගමේ පුහුණු වැඩසටහන් එහෙම තිබෙනවා නම් ඒවත් වටිනවා.
  • හැම දුරකතන ඇමතුමකටම පස්සෙ ඒ ඇමතුමෙන් ලබා ගත්තු විස්තර හා ඔවුන් ඔබගෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු සකසා ගන්න. ඊලඟ ඇමතුම වඩා සැලසුම් සහගතව හා ව්‍යක්ථ ලෙස පිළිතුරු දෙන්න සූදානම් වෙන්න. සමහර විට ඒ දුරකතන ඇමතුමක් ඔබගේ මූලික සම්මුඛ පරීක්ෂනයක් වෙන්න උනත් ඉඩ තිබෙනවා. ඉතින් හොඳින් සූදානම් වෙලා කතා කරන එක ඉතාම වටිනව.
  • හැකියාවක් තිබෙන අවස්ථාවක, කාලයක් වෙන් කරගෙන හෝ නොගෙන, සමාගමක අදාල පුද්ගලයෙකු ගිහිල්ල මුණ ගැහෙන්න (HR Manager). මොකද දුරකතනයෙන් කතා කරල resume එකකින් කෙනෙක්ව රැකියාවකට ගන්න හිතනවට වඩා ඔවුන් හිතන්නෙ කෙලින්ම මනුස්සයෙක් තෝරාගන්න. ඉතින් කෙලින්ම ගිහිල්ල මුණ ගැහිල කතා කරන එක ඉතාම බලවත් වෙන්න ඉඩ තිබෙනව. රැකියා අවස්ථා ගැන විස්තර දැනගන්න ආවෙ කියන්න. Resume එකක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඔහුට / ඇයට ඔබ හොඳ Personal Impression එකක් ලබා දුන්නා නම් ඔබ ඔබේ වැඩේ හරියට කරල තියෙනව. සමහර විට එතන ඇබෑර්තුවක් තිබිල ඒක ඔබේ සුදුසුකම් වලට නොගැළපෙන්න උනත් ඉඩ තිබෙනව. නමුත් ඔබ, ඔබ ගැන හොඳ හැඟීමක් ඔහුගේ හිතට දුන්න නම් ඔබට රැකියාව ලැබෙන්න උනත් ඉඩ තිබෙනව. මොකද හැම වෙලේම රැකියාව ලැබෙන්නෙ සුදුසුම කෙනාට නෙමෙයි, සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන කෙනා කැමති කෙනාටයි.
  • එහෙම රැකියාවක් ලැබුණෙ නැතත් දුක් වෙන්න එපා. ඔබ කෙනෙක් හඳුනා ගත්ත. ඒක අඩුවට තකන්න එපා. ඒ පුද්ගලයා එක්ක ඔබ හොඳ සබදතාවයක් ඇති කර ගත්ත නම් ඔහුට ලැබෙන වෙනත් රැකියා ගැන විස්තර උනත් ඔබට ලබා දෙන්න ඔහු පැකිළෙන්නෙ නෑ.

ඊලඟට කතා කරමු අපි, කොහොමද ඔයාගෙ මානසිකත්වය සකසා ගන්නේ කියල.



මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න,, පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.

ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:

Job එකක් හොයාගන්නෙ කොහොමද? - 2 (සූදානම් වන්න)

මුල් ලිපියෙන් අපි කතා කළානෙ සුදුසුකම් සකසා ගන්නා ආකාරය ගැන. මේ ලිපියෙන් කතා කරමු අපි කොහොමද සූදානම් වන්නේ කියල. 


1. ප්‍රායෝගික ගැටළුවකට මුහුණදෙන ආකාරය විමසන සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්න.
ඔබ යම් අවස්ථාවක යම් ගැටළුවකට මැදි උනු අවස්ථාවකදී ඊට සාර්ථකව මුහුණ දුන්නේ කෙසේද යන්න ඔබෙන් විමසන්න ඉඩ තියෙනවා. ඔබව පරීක්ෂණයට ලක් කරන පුද්ගලයා ඉන් බලාපොරොත්තු වන්නේ ඔබව තෝරාගන්න සූදානම් වන රැකියාවේදී ඔබ යම් ගැටළුසහගත අවස්ථාවකට මුහුණ පෑ අවස්ථාවක ඔබ කෙසේ ඊට ප්‍රතික්‍රියා දක්වාවිද යන්න, ඔබ සාර්ථකව ගැටළුවට මුහුණ දී ගැටළුව විසඳා ගනීද යන්න වග පරික්ෂා කිරීමටයි.
ඔබට හැකියාව තිබෙන්න ඕනෙ ඔබගේ අතීත අත්දැකීම් උදාහරණ සහිතව පැහැදිලි කරමින්, අවංක පිළිතුරු ලබා දෙන්න. නව ගැටළුව යම් මනඃකල්පිත අවස්ථාවක් වෙන්න උනත් පුළුවන්. ඔබ පිළිතුරු දිය යුත්තේ, "මගෙ අතීත අත්දැකීම් වලට අනුව නම් මම ඒ සේවා දායකයා කෙලින්ම සම්බන්ධ කරගෙන විස්තර ලබාගෙන මේ ගැටළුව මෙන්න මෙහෙම විසඳනවා...." වගේ පිළිතුරක්. මේ වර්ගයේ සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට ඔබ පිළිතුරු දෙන්න ඕනෙ කතාන්දරයක් කියනාකාරයටයි.

මේ වගේ අවස්ථා වල මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න ඉඩ තිබෙනවා.
  • ඔබ අකමැති පුද්ගලයෙකු සමඟ ඔබට වැඩ කරන්නට සිදු උනු අවස්ථාවක ඔබ ගැසිරුනු / ක්‍රියා කළ ආකාරය
  • ඔබ යම් අවස්ථාවක අපහසුතාවයට පත් වුවත් ඔබ යම් අවස්ථාවක ගනු ලැබූ තීරණයක ඔබට එල්බ සිටින්නට සිදුවූ අවස්ථාවක්
  • ඔබ සිදු කළ යම් නව්‍යතාවයකින් යුතු යම් දෙයක් නිසා ඔබගේ වැඩ කරන ස්ථානයේ සිදුවූ විශාල වෙනසක්
  • සැමවිටම රැකියාවට ප්‍රමාදව පැමිණෙන සේවකයෙකුව ඔබ කොහොමද හසුරවාගත්තේ.

2. අදාල සමාගම ගැන සොයා බලන්න.
දැන් කාලෙ අන්තර්ජාලයෙන් ඕනෙම තොරතුරක් වගේ හොයාගන්න පුළුවන්නෙ. නමුත් හොයල නිකං ඉන්න එපා. ඒ දේවල් මතක තියාගන්නත් ඕනෙ. ඒ සමාගමේ Vision, Mission, Mission Statement වගේ දේවල් මතක තබාගන්න. ඊට අමතරව ඒ සමාගම සිදු කරන දේවල්, සමාගමට තිබෙන අන්තර්ජාතික සබඳතා වගේ දේවලුත්.

උදාහරණයක් විදිහට ඔබ ඉල්ලුම් කරල යම් උපකරණ අපනයනය කරන සමාගමකට නම්, එම සමාගම භාණ්ඩ අපනයනය කරන රටවල් මොනවාද කියල හොයල බලන්න.
ඔබ තරඟ කරන්නෙ එක ඇබෑර්තුවකට වෙන්න පුළුවන්. ඊට විශාල ප්‍රමාණයක් ඉල්ලුම්කරුවන් සිටින්නට පුළුවන්. ඉතින් මේ වගේ සරළ දෙයකට ටිකක් මහන්සි වීම හරහා ඔබට වඩා හැකියාවන් ඇති, ඔබට වඩා දැනුමක් ඇති කෙනෙක්ට වඩා ලකුණු ලබා ගන්න ඔබට හැකි වෙන්නට ඉඩ තිබෙනවා. මොකද සම්මුඛ පරීක්ෂණයකදී දැනුමට වඩා කෙනෙක්ගේ ආකල්ප සඳහා ලකුණු ලැබෙනවා.
ඔබ යනවා සම්මුඛ පරීක්ෂණයකට, මොකද්ද රැකියාව, "අලෙවි විධායක". ඔබට අලෙවි ප්‍රවර්ධනය ගැන තියෙන්නෙ පොඩි දැනුමක්. නමුත් ඔබ සමාගම ගැන හොඳට හොයල බලල යනව.
ඔබත් එක්ක තරඟ කරන්න ඇවිල්ල තිබෙනවා අලෙවි ප්‍රවර්ධනය ගැන පාඨමාලාවක් හදාරල තිබෙන පුද්ගලයෙකුත්. ඔහුට ඒ පිළිබඳව හොඳට දැනුම තිබෙනවා.

 හරි. ඔන්න සම්මුඛ පරීක්ෂණයට ඔබ දෙදෙනාම මුහුණ දෙනවා.
දෙදෙනාගෙන්ම අහනව මෙන්න මේ ප්‍රශ්නෙ.
"මෙම සමාගමේ රැකියාව ඔබට ලැබුණොත් ඔබ කොහොමද එය සාර්ථකව සිදු කරන්නෙ?"ඔබේ තරඟ කරුවා පිළිතුරු දෙනවා මෙන්න මෙහෙම.
"මගෙ අලෙවි ප්‍රවර්ධනය පිළිබඳව තිබෙන දැනුම භාවිතා කරල මම සැලසුම් හදල භාණ්ඩ අලෙවි කරනවා"ඔබ කොහොමද පිළිතුරු දෙන්නෙ???
"ඔබ සමාගමේ දැක්ම තමයි, ලංකාව තුළ .... භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වීම. ඉතින් ඒ දැක්ම අනුව යමින්, මම මගේ දැනුම ඉතා ඉක්මනින් දියුණු කරගන්නා අතර, සමාගමේ දැක්ම වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කරනවා."ඔබ හිතන්නෙ කාටද වැඩිපුර ලකුණු ලැබෙන්නෙ???
අනිවාර්යයෙන් ඔබටයි. කොහොමද එහෙම උනේ??? ඕනෑම සමාගමක් කැමතියි සමාගමේ අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියා කරන අයට. ඉතින් එහෙම අයට තමා වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ.ඔබට රැකියාව ලැබුණ. ඉතින් දැන් නිකං ඉන්න බෑ, ඔබ කිව්ව විදිහට මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ.

මීට අමතරව, ඒ සමාගම පිළිබඳව තවත් විස්තර සොයා බලන්න. සමාගම ඇරඹුනේ කොයි කාලෙද, ඒකෙ ශාඛා එහෙම තියෙනව නම් ඒවට ගිහිල්ල එතන වෙන දේවල් පිරික්සන්න, ඉන්න අයත් එක්ක ටිකක් කතා කරල බලන්න. එතනට එන පාරිභෝගිකයින් එක්ක කතා කරල බලන්න. විස්තර එකතු කරගන්න. ඒ පොඩි දෙයක් හරි වටින්න ඉඩ තිබෙනවා. ඒ හැම දෙයක්ම ඔබට රැකියාව ලැබෙන්න තිබෙන ඉඩ කඩ ටික ටික හරි වැඩි වෙනවා.

එහෙනම් අද කොටසත් දැනට අවසන්.


ඊලඟට කතා කරමු අපි, කොහොමද ඔබ වේදිකාව සකසා ගත යුත්තේ කියල.