sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

» » » Digital යුගයේ රැකියා සොයා යාම - Fact Sheet 2

ඔබගේ වෘත්තිය සැළසුම් කිරීම සම්බන්ධයෙන් අපි මීට පෙර ඔබට අපේ පළමු Fact Sheet එක ලබා දුන්නා,
මේ හදන්නෙ දෙවන Fact Sheet එක ඔබ වෙත ලබා දෙන්න. මේ Digital ලෝකයේ රැකියා වෙලඳපළ තුළ සැරිසරනකොට ඩිජිටල් ලෝකයේදී හැසිරෙන්නේ කොහොමද කියල අපි හොයල බලමු.

අපි හැමදෙනාම ටික ටික හරි සමාජ සබඳතා වලට කැමතියි. රැකියා ලබා දෙන්නනුත් දැන් එහෙමයි. දැන් කාලෙ නව බඳවාගැනීම් සම්බන්ධ වෙනකොට Social Media කියන එකත්  විශාල ව්‍යාපාරයක් වෙනවා. සමහර අයට රැකියා අවස්ථා පිළිබඳ විස්තර / දැන්වීම අන්ත්ර්ජාලය හරහාත් ලැබෙනවා. ඔබටත් ඒ වගේ වෙන්න ඕනෙ නම් ඔබත් දැන් කාලෙ වේගයට එකතු වෙන්න වෙනවා. ඔබටත් වේගවත් වෙන්න වෙනවා. මොකද Social Media නිදාගන්නෙ නෑ කොයි වෙලේවත්. ඒ වගේම තමා මුදලුත්, නේද?? 

ඔබගේ Curriculum Vitae එක ඔබ නව රැකියා අවස්ථාවක් සොයන එකට අවශ්‍ය හොඳම මෙවලමක්. නමුත් ඒකත් දැන් ටිකක් පරණ තාලෙ දෙයක් වෙලා.  ඒක නිසා තමයි දැන් professional Online Profiles ලෙස LinkedIn, Twitter  වගේ දේවල්, Facebook වුවත්, කරළියට එන්නෙ. ඒවා හරහා ඔබට පුළුවන් මේ ඩිජිටල් වෙමින් පවතින ලෝකයේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක ඉන්න, ඩිජිටල් තාක්ෂණයත් එක්ක වැඩ කරන්න කැමති  මිනිස්සු එක්ක කරට කර වැඩ කරන්නට. 
ඉතින් මෙම කෙටි අත්වැල හරහා, මේ ඩිජිටල් යුගයේ රැකියා වෙළඳපළ තුළ ඔබට ගැළපෙනම රැකියාව දඩයම් කරගන්නේ කොහොමද, ඔබගේ නම ලෝකයට ගෙන යන්නේ කොහොමද කියල කෙටියෙන්, සරළව අදහසක් දෙන්නයි අපගේ සූදානම. 
වැඩේ හරියට කරගත්තොත්, ඔබට හිතාගන්න බැරි තරම් වෘත්තීය යෝජනා ඔබට එන්නට පුළුවන්. 

පහතින් එය භාගත කරගන්න.
Download: 
මුරපදය: careerguidancelk

මේ ලිපි කෙලින්ම ඔබ වෙත ලබා ගන්න. පහත ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුලත් කරන්න.
ඔබගේ ඊ ලිපිනය එකතු කරන්න:



මෙම බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම ඔබ වෙත නොමිලේම තොරතුරු, උපදෙස් ලබා දීමට වෙහෙසෙන වෙබ් අඩවියක්.
මෙම බ්ලොග් අඩවිය තවත් දියුණු කිරීමට අපි බොහොමත්ම වෑයමක් දරමින් සිටිනවා, සැළසුම් කරනවා.
ඉතින් අපගේ මේ ප්‍රයත්නයට ඔබට හැකිනම් මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්නට, එය අපගේ සැළසුම් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමට මනා සහයක්.

Help us to GROW, to serve you MORE....

«
Next
Newer Post
»
Previous
Older Post

7 comments:

  1. Replies
    1. අදහසට බොහොම ස්තුතියි.

      Delete
  2. දිගටම හොඳ දේවල් කරන්නට හදවතින්ම සුභපතනවා..
    :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි.

      Delete
    2. කිසිවක් බාගත කල නොහැකිය

      Delete
  3. මට උදව්වක් ඔනි සර් තොරතුරු ටිකක් ගන්න උදව් කරන්න පුලුවන්ද

    ReplyDelete
  4. පුළුවන් දෙයක් කරන්න පුළුවන්. මට ඊ මේල් එකක් එවන්න අවශ්‍යතාවය කියල.

    ReplyDelete

ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.