headlines

    9:3

sponsor

Slider

    Recent Tube

    Selecting a Career

    Tips

    Curriculum Vitae

      Courses

      Our Services

      • Written by Unknown

        CV Correction Service

        මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් ස...

        Read More

      Courses

      » » » » "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච භාගත කරගන්න ඔන්න ඔබටත් පුළුවන්
      Unknown



      ටිකක් කිව්වට වඩා කාලය ගත උනා. 
      අවශ්‍ය තරමටම නොවුවත්, 240ක පිරිසක් මගේ ප්‍රශ්නාවලියට සහභාගී වී, ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදාගෙන තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා.
      ඔවුන්ගේ ඊ මේල් ලිපිනය සඳහන් කළ අයට මම "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච ඊ මේල් හරහා යැව්වා. භාගත කරගත් අය එය කියවන්නට ඇතැයි සිතනවා. කියවපු අය ඔවුන්ගේ අදහස් දක්වනවා නම් මට එය ඉතාම වටිනවා. හොඳ වගේම නරකත්. 

      ඉතින් දැන් මෙම පොත් පිංච හැමෝටම ලබාදෙන්නයි මම සූදානම් වන්නේ. 
      ඉතින් පහතින් ඇති සබැඳිය මගින් ඔබ සැමටම ඒ පොත් පිංච භාගත කර ගන්නට පුළුවන්. ඉතින් ඔබ සැම මේ පොත් පිංච කියවා බලන්න. ඔබගේ අදහස් උදහස් මා වෙත දන්වන්න. මෙම බ්ලොග් අඩවිය තුළ කමෙන්ටුවකින් හෝ cglk@consultant.com ඊ මේල් ලිපිනය හරහා. 

      WinRAR File (1MB)
      ඉහත සබැඳිය ක්‍රියා නොකරනවා නම් පහත සබැඳිය භාවිත කරන්න. 

      එම Zip ගොනුවේ මුරපදය ලෙස "careerguidancelk" භාවිත කරන්න. (උඩු කොමා රහිතව)

      භාගත කරගෙන කියවල බලල අදහස් දක්වන ලෙස ඉල්ලා සිටිනවා.
      එය කියවා ඔබට යම් ප්‍රයෝජනයක් උනොත් ඒක තමයි මගෙ මහන්සියේ සතුට හා ගාස්තුව.

      මෙම පොත් පිංච විශේෂයෙන්ම ඉලක්ක කරල තිබෙන්නේ පාසල් යන, පාසල් ගමන අවසන් කරල රැකියාවක් කරන්න හිතන, වෙනත් පාඨමාලාවක් හදාරන්න හිතන, හදාරමින් ඉන්න, විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන, උපාධිය ලබාගෙන රැකියාවක් සොයන අයට තමයි.
      අනිත් අයට එතරම්ම ප්‍රයෝජනයක් නොවුනත් කියවල බලන්න ආරාධනා කරනවා.

      එහෙනම් තවත් වටිනා ලිපි කිහිපයකින් හමු වෙමු.


      තවත් අපිට ඉදිරියට ඔබ සැමට සහයක් වන්නට සැළසුම් ගොඩක් තිබෙනවා. ඉතින් එය තවත් වේගවත් කිරීමට ඔබට මූල්‍යමය සහය ඔබට දක්වන්නට පුළුවන්. එය අපගේ වැඩකටයුතු ඉක්මන් කර ගැනීමට අපිට මනා සහයක්.

      Help us to GROW, to serve you MORE...



      ඔයාලගෙ බ්ලොග් එකක මේ දැන්වීම දාල මට සහයක් වෙන්නත් ආරාධනා කරනවා.

      <a href="http://careerguidancelk.blogspot.com/2014/09/download-ebook-how-to-select-your-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsYdw1caB4Eq_Fc9EGTP91TJYCZZnCX177BS5ktX2DYlNAAlIe628oesZacN8siw8nR20Jnwb_GDqTrNlX2kSn_mWLzyiBhpFKiJb_Qe023h7ecAqpw3ah923LwfrLK2o92sFUQkjqX6s/s1600/banner+ad+-+free+ebook+-+768.jpg" width="468"></a>


      <a href="http://careerguidancelk.blogspot.com/2014/09/download-ebook-how-to-select-your-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrsB1yheMp7ADK4JercMgeaasVamXOGDj1QQAnqYMPGyT-IBxtvmGa9jysclp01G3FvQDVQG5MecQwyStN-KO-E6uHZqEW6MyNAzucZoWawKgYBJ5MRXw2jgsEewc9MNERu5ywLhUdaq4/s1600/square+ad+-+free+ebook.jpg" width="300"></a>

      «
      Next
      Newer Post
      »
      Previous
      Older Post
      Pages 7123456 »

      8 comments:

      1. කාලීන මාතෘකාවක් බොහොම සරලව සහ සුගමව ලියල තියෙනවා. මේ පොතේ දෙවෙනි කොටසකුත් ලියන්න හිතාගෙන ඉන්නවනම් මේ වෙනකොට ලංකාවේ/ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන ‍රැකියා සහ අනාගතයේ වැඩිම ඉල්ලුමක් ඇතිවෙන්න පුළුවන් ‍රැකියා ගැනත් පරිඡේදයක් ලියන්න.

        ReplyDelete
        Replies
        1. බොහොම ස්තුතියි සහෝදරයා අදහසට. තවත් යමක් ලියන්න හිතාගෙන ඉන්නව. පොඩි අලස ගතියක් තමයි එකම හෙනහුරා.
          හිතල හිතල දැන් මේ තව ලිපියක් ලියන්න පටන් ගත්ත.
          බලමු ඒ වගේ දේකුත් ලියන්න.

          Delete
      2. ඔව් ඇත්තෙන්ම ගොඩක් වටිනා දෙයක්.. අපේ රටේ අධ්‍යාපන ක්‍රමෙත් එක්ක ගොඩක් වෙලාවට සිසුන්ට හිතාගන්න බැරිවෙනවා ඉදිරියේදී එයාලා කරන්න ඕනා දේවල්, එයාලට හරියන රැකියා මොනාද වගේ කරුණු.. මේක ඉතාමත්ම හොඳ අත්වැලක් වෙයි කියලා හිතනවා ඒ හැමෝටම..
        මොකද මගෙත් අදහස අපි කරන රැකියාව මොකක් වුනත් ඒක අපි විඳින්න ඕනා.. එහෙම නැත්නම් නිකන්ම කිසි තෘප්තියක් නැතුව සල්ලි වලට විතරක් ඔහේ රැකියාවක් කෙරුවා වෙනවා.. ඒ වගේ තත්වයක් ඇති නොවෙන්න හැමෝටම මේ පොත වැදගත් වෙනවා.. සුභ පතනවා සහෝ බ්ලොග් එකට..

        ReplyDelete
        Replies
        1. බොහොමත්ම ස්තුතියි ඔබගේ වටිනා අදහසට.

          Delete
      3. niyamai...............

        ReplyDelete
      4. මාත් බාගත්තා..කියවලා බලලම අදහසක් දක්වන්නම්..
        කොහොමඋනත් ගොඩාක් වැදගත් දෙයක්

        ReplyDelete
        Replies
        1. කියවල බලන්නකො. අදහස් දක්වන්න අමතක කරන්න එපා.
          පොඩ්ඩක් හරි ප්‍රයෝජනයක් උනොත් සතුටක්.

          Delete
      5. හරිම වටිනවා සහෝ.

        ReplyDelete

      ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.