headlines

    9

sponsor

Slider

    Recent Tube

    Selecting a Career

    Tips

    Curriculum Vitae

      Courses

      Our Services

      • Written by Unknown

        CV Correction Service

        මගේ "රැකියා වෙළඳපළ ජයගනිමු" පොත ඔබ මිලට ගෙන තිබේ නම් ඔබට මේ සේවාව එක් CV එකක් ස...

        Read More

      Courses

      » » » කොහොමද හොඳම වෘත්තියක් තෝරාගන්නෙ?
      Unknown

      ඔබත් කල්පනා කරනවද කොහොමද ඔබට ගැළපෙන වෘත්තියක් තෝරාගන්නෙ කියල?
      අපේ නොමිලේ ලබාදෙන ඊ-බුක් එකේ තිබෙන විස්තර වලින් ඔයාට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඊට අමතරව මේ ලිපියත් ඒ සඳහා තවත් ආකාරයක සහයක් වේවි.


      මේ සඳහා ප්‍රධාන හා මූලික කරුණු තුනක් අපි සළකා බලමු.

      1. ඔබ ගැන දැනගන්න.
      • ඔබගේ ශක්තීන්, හැකියාවන්, වටිනාකම් වලට අමතරව, ඔබ කුමනාකාරයේ පුද්ගලයෙක්ද, ඔබගේ දුර්වලතාවයන් මොනවාද කියන දේවල් හඳුනාගන්න. ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනව ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්න. 
      • ඔබ ගැන ඉගෙනගන්න, ඔබගේ හැකියාවන් හා දුර්වලතාවයන් හඳුනාගත හැකි ක්‍රියාකාරකම් කරන්න. 

      2. ඔබට තිබෙන විකල්පයන් හඳුනාගන්න. ඒවා පිළිබඳව දැනගන්න.
      • විවිධාකාරයේ රැකියා පිළිබඳව සොයා බලන්න. 
      • විවිධාකාරයේ රැකියා හඳුනාගන්න. ඒ ඒ රැකියාව තුළ ඔබට සිදුකළ හැකි දේවල් පිළිබඳව සිතා බලමින් ඒ ඒ රැකියා විශ්ලේෂණය කරන්න. 
      • ඔබට තෘප්තිමත් විය හැකි රැකියා හඳුනාගන්න. එමඟින් ඔයට හොඳින්ම කළ හැකි රැකියා හඳුනාගන්න පුළුවන්. ඔබ දැන් යෙදී ඇති රැකියාවෙන් තෘප්තිමත් වෙනවාද සිතා බලන්න. එසේ නොවෙන්නේ නම් ඒ ඇයිද යන්න හඳුනාගන්න. 
      • විවිධාකාරයේ අධ්‍යාපන විකල්පයන් හා විෂය පරාසයන් ගැන සොයා බලන්න. ඒ ඒ අධ්‍යාපන පරාස, විවිධාකාරයේ රැකියා පරාස සඳහා වෙන් උනු ඒව. ඉතින් ඔබගේ අවශ්‍යතාවය හඳුනාගෙන ඊට ගැළපෙන අධ්‍යාපන පාඨමාලාවක් තෝරාගන්න ඔබට හැකියාව තිබෙනවා.
      • ඔබගේම ව්‍යාපාරයක් ඇරඹීම ගැන මොකද හිතන්නෙ? ඉතාම හොඳ විකල්පයක්. හැබැයි මහන්සි වෙන්න ඕනෙ, හොඳට හිතල පටන් ගන්න ඕනෙ විකල්පයක් මේක. ඒත් එක්කම කියන්න ඕනෙ, මෙහිදී ඔබගේ ඉදිරි මාර්ගය අනතුරුදායකයි. නිවැරදි තීරණ ගත්තෙ නැතිනම් මුදල් හා කාලය ඔක්කොම අපතේ යනවා.
      • තමන් දැන් කරන රැකියාව තවත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න හිතන්නෙ නැත්තෙ ඇයි? පහසු විකල්පයක්. මොකද ඔබ දැනටමත් ඔබ කරන්නෙ මොනවද කියල දන්නව. අදාල විෂය පරාසය ගැන ඔබට හොඳ දැනුමක් තිබෙන නිසා ඉතාම පහසුවෙන් ඉදිරියට යන්න අවශ්‍ය කරන දැනුම මොකද්ද කියල හදුනගන්නත් ඔබට ඉතාම පහසුයි.

      3. හොඳම තීරණය අරගන්න.
      • ඔබේ අනාගය රැදී පවතින්නේ ඔබ ගන්නා තීරණය මතයි. ඔබ වැරදි තීරණයක් ගත්තොත් ඔබගේ අනාගතය අසාර්ථකයි. හරි තීරණයක් ගත්තොත් එතන තමයි සාර්ථකත්වය. ඉතින් හොඳට හිතන, හොඳට විශ්ලේෂනය කරල හරිම හරි තීරණේ ගන්න ඕනෙ. 
      "විද්‍යාත්මක ක්‍රමය" ගැන දන්නවද?
      ඒකෙදි කරන්නෙ, අපි යම් තීරණයක් ගන්න ඉස්සෙල්ල අපි කරන්න ඕනෙ මෙන්න මෙව. විධිමත් ආකාරයකට නිරීක්ෂණය කිරීම, නිවැරදි මිනුම් ලබා ගැනීම, පරීක්ෂණ කිරීම, න්‍යායන් ගොඩනැඟීම, යළි පරික්ෂා කිරීම, අපගේ නිර්මිත න්‍යාය ලබාගත් ප්‍රතිඵල අනුව වෙනස් කිරීම.
      ඉතින් අන්න ඒ දේවල් මේකෙදිත් භාවිතා කරන්න උත්සාහ කරන්න. හරියට විශ්ලේෂණය කරල අවසන් තීරණය ගත්තොත් ඔබට නිවැරදිම තීරණය ගන්න පුළුවන්. 

      එහෙනම් සුභ පතනව!.




      «
      Next
      Newer Post
      »
      Previous
      Older Post
      Pages 7123456 »

      No comments:

      Leave a Reply

      ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.