sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

» » » ඔබ කුමක් හෝ උගත යුතුයි


මම පොඩි දෙයක් ගැන පහුගිය ටිකේ හිතුව. ඡායාරූපකරණය ගැන හා Photoshop වැනි මෘදුකාංග හරහා Graphic Design ඉගෙන ගත යුතුයි කියල. (චුට්ටක් දන්නව, නමුත් දන්න තරම හොඳටම මදි.)

ඇයි?

මොකද, මේ දේවල් ගැන තිබෙන ඉල්ලුම ඉතා වැඩියි. ඉතින් තමුන් වැඩි දෙයක් දැනගෙන ඉන්නව නම් තමුන්ට තිබෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තමුන්ට තරඟයක් දෙන්න ඉන්නකට්ටියත් අඩු වෙනවා.
ඉතින් ඒකයි මම මේ දේවල් ගැන ඉගෙනගන්න පටන් ගත්තෙ. මම අන්තර්ජාලය තුළින් ගොඩක් පොත් හා විඩියෝ tutorials එකතුකරගත්ත. පසුගිය කාලයේ තිබුනු ඡායාරූපකරණය ගැන තිබුණු ප්‍රදර්ශන වලට ගිහිල්ලත් යම් යම් දැනුමක් එකතු කරගත්ත. ඉතින් දැන් මේව ටික ටික මම බලනව.

ඒක ඉතා සාර්ථකයි, නමුත් තව ගොඩක් දේවල් තිබෙනව බලන්න. ඉතින් මේ හරහා රැකියා අවස්ථාවකුත් කරගන්න පුළුවන් නේද කියල මට හිතුන. 

ඉතින් මේ දේවල් එක්ක මම එක් නිගමනයකට ආව, යමෙක්ට සාර්ථකත්වයට යන්න ඕනෙ නම් ඔහුට/ඇයට, යම් විෂයක් සම්බන්ධයෙන් ඉගෙනගත යුතුයි කියන එක. ඒ කියන්නෙ ඔබ මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් උගත යුතුයි. අන් අය අගය කරන හා අන් අයටත් ප්‍රයෝජනයක් ගත හැකි දෙයක්.

උදාහරණ ගමු.
නිකම්ම වෙබ් අඩවියක් හදන්න, බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන් උනාට හරියන්නෙ නෑ. ඒ ගැන හොඳින් හදාරා ඒ විෂය සම්බන්ධයෙන් හොඳ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික දෙනුමක් එකතු කරගත යුතුයි. එහෙම කරනකම් ඒ දැනුම මූල්‍යමය වටිනාකමක් එක් කරන එකක් වෙන්නෙ නෑ.
වෙබ් ඩිසයින් ගැන ගත්තොත්, HTML, CSS ඉගෙන ගැනීම නෙමෙයි වෙබ් ඩිසයින් කියන්නෙ. typography, design patterns, color combinations, JavaScript සම තවත් ගොඩක් දේවල් ඉගෙන ගැනීමයි. ඒව හැම එකක්ම හොඳින් ඉගෙන ගත්තම ඔන්න ඔබේ අතේ තියෙනව මූල්‍ය වටිනාකමක් තිබෙන දැනුමක්. 

අපි ගමු අපේ බ්ලොග් ලියන්නන්, බ්ලොග් ලියන්නන් බොහොමයකට ලිවීමේ හැකියාව මොනවට පිහිටල තිබෙනව. තාක්ෂණික දෙයක්ද, කතන්දරයක්ද, ඉතාම සිත් ඇදගන්නා විදිහට ලියන්න පුළුවන් අය ගොඩාක් ඉන්නව. 
ඉතින් ඔබ ලියන්න කැමති නම්, ඒකෙන් කියවෙන්නෙ නෑ අරම සිත් ඇදගන්නා බ්ලොග් ලිපියක් ලිවීමම ප්‍රමාණවත් කියල. මුලින්ම ඔබ තීරණය කළ යුතුයි ඔබ ලියන්නෙ මොනව ගැනද කියල. (උදා: විහිළු කතා, බ්ලොග් ලිවීම ගැන, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන. 2D/3D Modeling ගැන ) ඊට පස්සෙ ඔබ කළ යුත්තේ ඒ දේ ගැන හොඳ දැනුමක් එකතු කරගන්න එක, හොඳින් ඒක ඉගෙනගන්න එක. පොත් පත් කියවල, වෙබ් අඩවි පීරල, tutorials බලල, යම් පාඨමාලාවක් හදාරල, ඒ දැනුම එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඒක ඉතා හොඳින් පුහුණු වීමත් වැදගත්. 

ඉතින් අවසානව කියන්නෙ,ඔබට යමක් අවශ්‍ය නම් ඒකට යන්න උත්සාහ කළ යුතුයි. ඔබට ආඩම්බර විය හැකි, දැකිය දැනිය හැකි, අන් අයගේ ප්‍රශංසාවට භාජනය විය හැකි, අන් අයටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඔබට ලබා ගන්න පුළුවන් නම් ඔබ දිනුම්. අන්න ඒකයි සාර්ථකත්වයට මඟ.

ඉතින් ඔබ තාමත් පටන් ගත්තෙ නැත්තම්, ඇයි තවත් බලා ඉන්නෙ???


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

ඔබගේ අදහස් කියන්න. අඩවියේ අන්තර්ගතය පරිශීලකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් ආකාරයට සැකසීමට ඔබගේ අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.