sponsor

Slider

Recent Tube

Selecting a Career

Tips

Curriculum Vitae

Courses

Our Services

Courses

Free eBook - ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද


Career Guidance LK වෙබ් අඩවිය හරහා අපි ඔබ වෙත ගෙන එනවා, නොමිලේම බෙදා හැරෙන "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" නමින් පොත් පිංචක්. 

මෙය නොමිලේම බෙදා හරින අධ්‍යාපනික අත් පොතක් කිව්වොත් නිවැරදියි.

අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පුළුවන් මේ පොත් පිංච කියවල තමන්වම හඳුනාගෙන තමුන් යා යුතු මාර්ගය නිවැරදිව තෝරාගන්න සහයක් ගන්න. 
අධ්‍යාපනය හදාරල අවසන් වෙලා රැකියාවක් සොයන්නට සූදානම් වෙන අයටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි තමුන්ගේ අනාගත රැකියාව තෝරාගන්න. 
රැකියාවක් කරමින් ඉන්න අයටත් මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, තමුන් තෝරාගෙන තිබෙන්නේ තමුන්ට ගැළපෙනම තමුන්ට සාර්ථකව කරගෙන යන්න පුළුවන් රැකියාවක්ද කියල හඳුනාගන්න.

දැන්මම මේ පොත් පිංච නිකම්ම දෙන්නෙ නෑ. ඔබ මට යම් සහයක් ලබා දිය යුතු වෙනවා. ඒ මම මේ දින වල සිදුකරමින් ඉන්න සමීක්ෂණයකට සහභාගී වෙන එක. මිනිත්තු 5ක් වගේ කෙටි කාලයකින් මේ සමීක්ෂණය ඔබට අවසන් කරන්න පුළුවන්.


එහි අවසන් පිටුවේදී මම ඔබගේ ඊ මේල් ලිපිනය අසනවා. එහි ඔබගේ ඊ මේල් ලිපිනය ලබා දෙන අයට නොමිලේ බෙදා හරින්නට නියමිත "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" ඊ බුක් එක මුලින්ම ලබා දෙනවා. දැනටමත් ඊට සහභාගී උනු අයට මේ පොත් පිංච අද හෝ හෙට ලැබේවි. 
අනිත් අයට ඔබ සමීක්ෂණයට සහභාගී වී දිනක් ඇතුළත ලැබේවි. 
සහභාගී නොවන/ඊ මේල් ලිපිනය ලබා නොදෙන්නන්ට තව සතියකින් දෙකකින් මම භාගත කළ හැකි සබැඳියක් ලබා දෙන්නම්.

ඔයාලගෙ බ්ලොග් එකක, වෙබ් අඩවියක මේ පොත් පිංච ගැන / සමීක්ෂණය ගැන කියන්න, බැනර් එකක් දාන්න කැමති නම් පහත කෝඩ් එක භාවිතා කරන්න. ස්තුතියි.

<a href="http://careerguidancelk.blogspot.com/2014/08/free-ebook-how-to-select-correct-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsYdw1caB4Eq_Fc9EGTP91TJYCZZnCX177BS5ktX2DYlNAAlIe628oesZacN8siw8nR20Jnwb_GDqTrNlX2kSn_mWLzyiBhpFKiJb_Qe023h7ecAqpw3ah923LwfrLK2o92sFUQkjqX6s/s1600/banner+ad+-+free+ebook+-+768.jpg" width="468"></a>


<a href="http://careerguidancelk.blogspot.com/2014/08/free-ebook-how-to-select-correct-career.html"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrsB1yheMp7ADK4JercMgeaasVamXOGDj1QQAnqYMPGyT-IBxtvmGa9jysclp01G3FvQDVQG5MecQwyStN-KO-E6uHZqEW6MyNAzucZoWawKgYBJ5MRXw2jgsEewc9MNERu5ywLhUdaq4/s1600/square+ad+-+free+ebook.jpg" width="300"></a>

රතු පැහැයෙන් තිබෙන ඉමේජයේ පළල දැක්වෙන පික්සල් ගණන ඔබට ගැළපෙන ආකාරයට වෙනස් කරගන්න. 

සමීක්ෂණයක් සඳහා ඔබගේ සහය අවශ්‍යව ඇත

මම පොඩි සමීක්ෂණයක් කරන්න ලෑස්ති වෙන්නෙ රැකියා වෙළඳපළට සම්බන්ධ වෙන්න හදන, එකතු වෙලා ඉන්න පිරිස පිළිබඳව.


ඉතින් ඒකට ඔයාලගෙ සහය මට ඕනෙ. 
මේ සමීක්ෂණයට සහභාගී වීම සහ ඊට සහභාගී වන ලෙස ඔබගේ මිතුරු මිතුරියන්ට, සහෝදර සහෝදරියන්ට පැවසීම. 
එකතු වෙන පිරිස වැඩි වන තරමට තමයි සමීක්ෂණයක සාර්ථකත්වය වැඩි වෙන්නෙ හා ඒ තොරතුරු විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රථිඵල වල නිරවද්‍යතාවය ඉහළ යන්නෙ.  

ඉතින් පහත සබැඳිය භාවිතා කරල සමීක්ෂණයට සහභාගී වන්න. ඒත් එක්කම පුළුවන් තරම් මේ පිළිබඳව ඔබගේ මිතුරු මිතුරියන්, සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න. මේක ඉතා ඉක්මනින්, මිනිත්තු 5-10 අතර කාලයකින් පුරවන්න පුළුවන්. පෝස්ට් එක බලල විතරක් යන්නෙ නැතිව සමීක්ෂණයටත් සහභාගී වෙලත් යන්න. 

https://docs.google.com/forms/d/1rOMhxwPaTruz6OlH3_pkRdUrvKAD6Yf-tl5gNYRW0ac/viewform?usp=send_form

එහි අවසන් පිටුවේදී මම ඔබගේ ඊ මේල් ලිපිනය අසනවා. එහි ඔබගේ ඊ මේල් ලිපිනය ලබා දෙන අයට නොමිලේ බෙදා හරින්නට නියමිත "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" ඊ බුක් එක මුලින්ම ලබා දෙනවා. දැනටමත් ඊට සහභාගී උනු අයට මේ පොත් පිංච අද හෝ හෙට ලැබේවි. 
අනිත් අයට ඔබ සමීක්ෂණයට සහභාගී වී දිනක් ඇතුළත ලැබේවි. 
සහභාගී නොවන/ඊ මේල් ලිපිනය ලබා නොදෙන්නන්ට තව සතියකින් දෙකකින් මම භාගත කළ හැකි සබැඳියක් ලබා දෙන්නම්.

ඔබට ස්තුතියි.
ඔබට ජය!!!

කොහොමද වෘත්තියක් තෝරාගන්නෙ?

ඔබත් කල්පනා කරනවද කොහොමද ඔබට ගැළපෙන වෘත්තියක් තෝරාගන්නෙ කියල?
අපේ නොමිලේ ලබාදෙන ඊ-බුක් එකෙන් ඔයාට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඊට අමතරව මේ ලිපියත් ඒ සඳහා තවත් ආකාරයක සහයක් වේවි.


මේ සඳහා ප්‍රධාන හා මූලික කරුණු තුනක් අපි සළකා බලමු.

1. ඔබ ගැන දැනගන්න.
  • ඔබගේ ශක්තීන්, හැකියාවන්, වටිනාකම් වලට අමතරව, ඔබ කුමනාකාරයේ පුද්ගලයෙක්ද, ඔබගේ දුර්වලතාවයන් මොනවාද කියන දේවල් හඳුනාගන්න. ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනව ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්න. 
  • ඔබ ගැන ඉගෙනගන්න, ඔබගේ හැකියාවන් හා දුර්වලතාවයන් හඳුනාගත හැකි ක්‍රියාකාරකම් කරන්න. 

2. ඔබට තිබෙන විකල්පයන් හඳුනාගන්න. ඒවා පිළිබඳව දැනගන්න.
  • විවිධාකාරයේ රැකියා පිළිබඳව සොයා බලන්න. විවිධාකාරයේ රැකියා හඳුනාගන්න. ඒ ඒ රැකියාව තුළ ඔබට සිදුකළ හැකි දේවල් පිළිබඳව සිතා බලමින් ඒ ඒ රැකියා විශ්ලේෂණය කරන්න. 
  • ඔබට තෘප්තිමත් විය හැකි රැකියා හඳුනාගන්න. එමඟින් ඔබට හොඳින්ම කළ හැකි රැකියා හඳුනාගන්න පුළුවන්. ඔබ දැන් යෙදී ඇති රැකියාවෙන් තෘප්තිමත් වෙනවාද සිතා බලන්න. එසේ නොවෙන්නේ නම් ඒ ඇයිද යන්න හඳුනාගන්න.
  • විවිධාකාරයේ අධ්‍යාපන විෂයයන්, ක්ෂේත්‍රයන් පිළිබඳව සොයා බලන්න. විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට පිවිසෙන්න විවිධ අධ්‍යාපන ක්ෂේත්‍රයන් උගත යුතු වෙනවා. ඒවාට ගැළපෙන ආකාරයට පාඨමාලා, උපාධි, ඩිප්ලෝමා උගත යුතු වෙනවා. 
  • ඔබේම ව්‍යාපාරයක් සිදු කරන එකත් ගොඩක්ම හොඳ විකල්පයක්. හැබැයි ඒකට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා.
  • ඔබ කරන රැකියාවෙම තවත් ඉදිරියට යාම, ඒ හැකියාවන් වර්ධනය කරගැනීම පහසු විකල්පයක්. මොකද මේ ඔබ දැනට හොඳින්ම දන්න, ඔබ දැනට ස්ථාපනය වෙලා ඉන්න ක්ෂේත්‍රයක්. ඉතින් එය සිදු කරන්න පුළුවන් ආකාර සොයා බලන්න. (උදා: අදාල වන පාඨමාලාවක් හැදෑරීම)

3. හොඳ තීරණයක් ගන්න. 
  • ඉහත කිව්ව හැම දෙයක් ගැනම හොඳට හිතල බලන්න, විශ්ලේෂණය කරන්න. ඔබගේ හැඟීම් හරියටම තේරුම් ගන්න ඔබම උත්සාහ කරන්න.
  • අපහසුම නම් වෘත්තීය මාර්ගෝපදේශකයෙකුගේ සහය ලබාගන්න.


Supervisory Management Programme in Sinhala

Supervisory Management Programme in Sinhala - 17th Repeat


Become A Microsoft Certified Network Engineer

Become A Microsoft Certified Network Engineer



ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5

ඉතින් කියන්න බලන්න, රැකියාවක් කරන වයසෙ ඉන්න කෙනෙක්නම් ඔබ, එකම එක ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ල තියෙනවනෙ නේද? සාර්ථකව මුහුණ දුන්නද? රැකියාවට තෝරා ගත්තද? එහෙනම් සුභ පැතුම්. ඔබ යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනව.
මම නම් මුලින්ම ගිය ඉන්ටර්විව් එක ඉහළින්ම ෆේල්. ගන්නම දෙයක් නැති උනා. එහෙනම් දෙවනි එක? ඒකත් එච්චරම තමා. :(
හ්ම්ම්. මට උනු දේ ඔයාල ගොඩක් අයටත් වෙලා ඇති. 

එහෙනම් මේ සාමාන්‍ය දෙයින් ආරම්භ කරමු. 

මොනවද ශ්‍රී ලාංකික වන අපි සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙනකොට හා / හෝ ගියාම කරන ප්‍රධානතම වැරදි? අපි එහෙම වැරදි 5ක් සාකච්ඡා කරමු.

1. සම්මුඛ පරීක්ෂණයට පියා / මව සමඟ පැමිණීම

දෙය්යනේ, මේක නම් කවම කවදාවත් කරන්නෙපා. ඔබට කියන්න කිසිම නිදහසට කරුණක් නෑ මේ සඳහා.

ඔබ සම්මුඛ පරීෂණයකට යන්නෙ මොකටද?
 ඒ අදාල සමාගමට පෙන්නන්න ඔබට වැඩක් කරන්න පුලුවන් කියල. ඔබේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ. සමාගමක් කියන්නෙ වැඩිහිටියන් එකතු වෙලා වගකීම් බෙදාගෙන වැඩ කරල සමාගම ලාභ ඉපයීම සඳහා රැගෙන යන කණ්ඩායමක් ඉන්න තැනක්.
ඉතින් එතනට ඔබ අම්ම/ තාත්ත එක්ක එන එකෙන් මොනවද කියවෙන්නෙ??? ඔබ ප්‍රසිද්ධි‍යේ හැමෝටම කියාපානව, වැඩිහිටියෙක් ලෙස ඔබ කළ යුතු මූලිකම දේවත් ඔබට කරන්න බෑ කියල. තනියම වැඩක් කරගන්න බෑ කියන එක. ඒක ඔබගේ සේවාදායකයා දැක්කම මොකද වෙන්නෙ? "මෙහෙම තනියම තැනකට එන්න බැරි කෙනෙක්ට මම ජොබ් එකක් දුන්නොත් මෙයා කොහොම මේක කරයිද???!!!" කියන හැඟීම තමයි. ඉතින් එතනින්ම ඔබ කැපිලම යනව. (කියන්න සතුටුයි මගෙ අතින් නම් මේ වැරැද්ද උනේ නෑ.)
හැබැයි ලංකාවෙ දෙමව්පියන් හුඟක් තමුන්ගෙ දුවල ගැන සැළකිළිමත් වෙන නිසා පරිස්සමට එනව. ඒක නරකයි කියන්න බෑ, එපා කියන්නත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? ගෑණු ළමයි අම්ම / තාත්ත එක්ක ආවට කමක් නෑ. නමුත් එයාලට ඔබ ඉන්ටර්විව් එකට යන ආයතනය තුළට එන්න එපා කියන්න. පුළුවන් තරම් නොපෙනෙන්න ඉන්න කියන්න. 

2. සූදානමකිත් තොර වීම.

මේක ඇවිල්ල, ලංකාවෙ තිබෙන බහුලම දේ. ඒත් එක්කම නොකළම යුතු දේ. මේ කියන්නෙ, අමතර CV පිටපතක් රැගෙන නොඒම, හරියට ඇඳගෙන නොඒම වගේ දේවල් නෙමෙයි. ලංකාවෙදි ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නෙ වෙන්නෙ, ලංකාවෙ ජොබ් ඉන්ටර්විව් එකකට යන අයගෙන 90%ම තමුන් මේ ඉන්ටර්විව් එක යන සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නැති එක. සමාගමට වෙබ් සයිට් එකක් තියෙනව නම් ඒකට ගිහිල්ල නෑ, මොනවද ඒ සමාගමේ කරන්නෙ කියල හරියට දන්නෙ නෑ, ඇප්ලයි කරල ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල දන්නෙ නෑ....... ඒත් කියනව තමුන්ට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියල. :D
මේකෙන් ඔබගේ සේවාදායකයා එක දෙයයි තේරුම් ගන්නෙ. ඔබ සිතන්නේ ඔබ ගැන විතරයි කියල.
ඔබ ඉන්ටර්විව් එකට එන්නෙ මේ කිසිවක් නොදැන නම් ඒ කියන්නෙ ඔබ මෙන්න මෙහෙම දෙයක් අඟවනවා කියන එක. 
"මම මෙතනට ආවෙ ජොබ් එකක් ගන්න. මම ඒක ගැන මොකුත් හොයන්න ඕනෙ නෑ. මට ඕනෙ කොම්පැනියක ඕනෙ ජොබ් එකක් කළෑකි." වගේ දෙයක්. 

"රැකියාව"ක් කියන්නෙ මොකද්ද ඇත්තටම???
ආයතනයක් තිබෙන්නෙ කාටවත් රැකියා දෙන්න නෙමෙයි. ඔවුන් සිටින්නේ යම් සේවාවක්, නැතිනම් යම් නිෂ්පාදනයක් හරහා යම් අවශ්‍යතාවයක් පිරිමසන්න, නැතිනම් පවතින ගැටළුවකට පිළිතුරක් දෙන්න.
ඉතින් ඔබ යන්නෙ ඒ කාර්යයට සහය වෙන්න.
ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ඔබ ඔවුන්ට පෙන්නන්න ඕනෙ, "ඔයාල කරන්නෙ මොනවද කියල මම හොඳින් දන්නව, ඒකට සහය වන්න මට පුළුවන්" කියන දේ. සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙ ඔබට නෙමෙයි, ඔබට කළ හැකි දේ වෙනුවෙනුයි. 

3. පළමු සම්මුඛ පරීක්ෂණයේදීම වැටුප ගැන විමසීම

ඇත්ත. අපි රැකියාවකට යන්නෙ මුදල් හොයන්නනෙ. ඒත් මොකද හදිස්සිය? අලුතින්ම ජොබ් එකකට යන්න හොයන අය මේක නොදැන සිටින්න පුළුවන්, නමුත් ඉන්ටර්විව් එකකට දෙකකට ගිය අය දන්නව, අහන්න පුළුවන් නරකම ප්‍රශ්නය තමා පඩි කොහොමද කියන එක කියල. සාමාන්‍ය ක්‍රමය නම් දෙවන හෝ තෙවන (ඔබව අවසන් කිහිපදෙනා අතරට තෝරාගන්නා පරීක්ෂණය) සම්මුඛ පරීක්ෂණයේදී තමයි වැටුප් ගැන ඇසිය යුත්තේ. 
මුල් පරීක්ෂණ වලදී ඔබගේ මූලිකම ඉලක්කය වෙන්න ඕනෙ ඔබගේ හැකියාවන් පෙන්වීම හරහා ඔබව මාකට් කරන එක. 
හ්ම්ම්. ඔබ අනිවාර්යයෙන්ම එතකොට මෙහෙම හිතයි. "මෙයාල දෙන්නෙ අඩු පඩියක් නම්??? මම මගෙ කාලය අපතේ හරිනව නේද" කියල. ඔව්, එතන පොඩි අනතුරුදායක තත්වයක් තිබෙනව. අමුත් ඒක ගත යුතු රිස්ක් එකක්. ඔබ ඒ කාලය අපතේ හරිනවා නම් අදාල ආයතනය කොතරම් කාලයක් අපතේ යවනවද වැඩක් නැති අයදුම්කරුවන් පරික්ෂා කර කර???
ඉතින් ඔයා වැටුප් ගැන අහන්න අහන්න, එයාලට ඔයාව එපා වෙනව. 
මොකද ජොබ් එකක් කරන්න එන්නෙ සල්ලි හොයන්න උනත් කවුරුවත් කැමති නෑ සල්ලි පස්සෙම දුවන මනුස්සයෙක්ව ජොබ් එකකට ගන්න. 

4. එකම CV එක හැම අයදුම් කිරීමකටම භාවිතා කිරීම.

හොඳ CV එකක් හදන එකත් එක්තරා හැකියාවක්. මීට පෙර අත්දැකීමක් නැතිනම් ඒක තවත් අමාරුයි. සමහරු එකම ජොබ් එකට ඇප්ලිකේශන් කිහිපයක් එවනව. බොහොමයක් දෙනා එකම CV එක ගමරාලගෙ වංගෙඩිය වගේ හැම එකටම යවනව. මේකට කියන්නෙ "Shot Gun Approach" කියල. Shot Gun එක ඕනෙ එකෙක්ට වෙඩි තියන්න පාවිච්චි කළෑකිනෙ, තිබ්බම පළාතක් ඉවරයි. ඒ කියන්නෙ. එක CV එකක් හදාගන්නව, ඒක හතර වටේටම යවනව. ඒක හරියන වැඩක් නම් නෙමෙයි, ඒක හුඟක් අයට අල්ල ගත්තැකි. ඒකෙන් කියවෙන්නෙ, ඔබ අයදුම් කරන ජොබ් එක ගැන ඔබට උවමනාවක් නෑ කියන එකයි. ආපහු අංක 2ට යන්නකො. මේකත් යන්නෙ එතනටම තමයි. 
හැම ජොබ් එකකට ගැළපෙන දේවල් තියෙනව. ඉතින් ඒවට ගැළපෙන ආකාරයට හැම වෙලේම අලුත් ජොබ් එකකට අලුතින් CV එකක් හදන්න. 

ඉතින් මොකද්ද කරන්න ඕනෙ? 
Sniper කෙනෙක් වගේ වෙන්න ඕනෙ, හොඳට බලන් ඉඳල, හොඳට සූදානම් වෙලා හරියටම ඉලක්කයටම තියන්න ඕනෙ. 
අදාල ආයතනය ගැන, ඔවුන්ගේ විෂය පරාසය ගැන, ඔවුන් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් මුලින්ම ගන්න ඕනෙ. පුළුවන් නම් ඉස්සෙල්ල දවසක ආයතනයට කෝල් එකක් දීල විස්තර ටිකක් හොයාගන්න. ජොබ් එක ගැන නෙමෙයි, ආයතනය කරන දේවල් ගැන. :)
උදා: ඔබ යන්නෙ IT Firm එකක Programmer ජොබ් එකකට නම්, ටිකක් හොයල බලන්න මොනවද ඔවුන් භාවිතා කරන මෘදුකාංග, Programming languages, මොන වගේ මෘදුකාංගද හදන්නෙ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔවුන් භාවිතා කරන්නෙ ජාවා කියමු. ඔබට එතකොට පුළුවන් ඔබගේ CV එකේ ඔබට ජාවා ක්‍රමලේඛ දැනුම තියෙනව කියල විශේෂයෙන් දාන්න. 
ඒව දන්නව කියල ඊට පස්සෙ ඔබ පෙන්නුවම සම්මුඛ පරීක්ෂණයේදි, ආයතනය ඔබ ගැන ඉහළින්ම පැහැදෙනව. හැම එකක්ම ඔබට කියල දෙන්න ඕනෙ නෑ, ගොඩක් කල් පුහුණු කරන්න ඕනෙ නෑ, ඉතින් ඒක ආයතනයට පහසුවක් වගේම මුදල් ඉතිරියක්. 
ඉතින් මොකද වෙන්නෙ? ඔබව ඔවුන් තෝරා ගන්නව.

5. වෙලාවට නොපැමිණීම හා එන්නට නොහැකි නම් නොපැවසීම. 

කතාවක් තියෙනවනෙ, "ඔබ මිනිත්තු 10ක් ඉක්මනින් ආවෙ නැතිනම් ඔබ මිනිත්තු 5ක් ප්‍රමාදයි" කියල.
අයදුම්කරුවන්ගෙන් 30%ක්වත් මේ පරීක්ෂණය නම් අසමත් වෙනවාලු. 
ලංකාවෙ මිනිස්සු නම් වෙලාවට වැඩ කරන්නෙම නෑනෙ කවදාවත්. නමුත් සම්මුඛ පරීක්ෂණයකට යන දවසෙවත් වෙලාවට එතනට යන්න. 
අනිත් එක, අදාල වෙන් කරගත් දිනයට වෙලාවට එන්න බැරි වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒක අදාල ආයතනයට දන්වන්න, වෙනත් වෙලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන් වේවි. අපේ අය ඉතින් බයට කතා කරන්නෙ නෑනෙ. :( හේතු දක්වන්න ඕනෙ නෑ. ඒ දව්සට වෙලාවට එන්න වෙන්නෙ නෑ, වෙනත් වෙලාවක් ලබාදෙන්න කියන්න.  
ලංකාවෙ බොහොමයක් රැකියා අයදුම්කරුවන් වෙලාවට අදාල ස්ථානයට ගිහිල්ල ඉන්නෙ නෑ. උදේ 10ට එන්න කිව්වොත් එන්නෙ 10.15 නැත්තම් 10.30ට. ඒකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ. 9.45ටවත් යන්න. ගිහිල්ල පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලෑස්ති වෙලා ඉන්න. 

එහෙනම් මම මේ ලිපිය මෙතනින් නවත්වනවා. තවත් මේ ආකාරයේ ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු. මේකට එන ප්‍රතිචාර කොහොමද කියල. 

මෙම ලිපිය http://www.theceylonian.com වෙබ් අඩවියේ ලිපියකින් උපුටා ගන්නා ලද කරුණු වලින් සමන්විතය.

A Global MBA with the Asian perspective - Join the 14th intake in September

A Global MBA with the Asian perspective - Join the 14th intake in September



Take your future to New Heights with CSCT

Take your future to New Heights with CSCT



McQuire Training - Business Writing Basics for Professionals

McQuire Training - Business Writing Basics for Professionals


ඔබ කුමක් හෝ උගත යුතුයි


මම පොඩි දෙයක් ගැන පහුගිය ටිකේ හිතුව. ඡායාරූපකරණය ගැන හා Photoshop වැනි මෘදුකාංග හරහා Graphic Design ඉගෙන ගත යුතුයි කියල. (චුට්ටක් දන්නව, නමුත් දන්න තරම හොඳටම මදි.)

ඇයි?

මොකද, මේ දේවල් ගැන තිබෙන ඉල්ලුම ඉතා වැඩියි. ඉතින් තමුන් වැඩි දෙයක් දැනගෙන ඉන්නව නම් තමුන්ට තිබෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තමුන්ට තරඟයක් දෙන්න ඉන්නකට්ටියත් අඩු වෙනවා.
ඉතින් ඒකයි මම මේ දේවල් ගැන ඉගෙනගන්න පටන් ගත්තෙ. මම අන්තර්ජාලය තුළින් ගොඩක් පොත් හා විඩියෝ tutorials එකතුකරගත්ත. පසුගිය කාලයේ තිබුනු ඡායාරූපකරණය ගැන තිබුණු ප්‍රදර්ශන වලට ගිහිල්ලත් යම් යම් දැනුමක් එකතු කරගත්ත. ඉතින් දැන් මේව ටික ටික මම බලනව.

ඒක ඉතා සාර්ථකයි, නමුත් තව ගොඩක් දේවල් තිබෙනව බලන්න. ඉතින් මේ හරහා රැකියා අවස්ථාවකුත් කරගන්න පුළුවන් නේද කියල මට හිතුන. 

ඉතින් මේ දේවල් එක්ක මම එක් නිගමනයකට ආව, යමෙක්ට සාර්ථකත්වයට යන්න ඕනෙ නම් ඔහුට/ඇයට, යම් විෂයක් සම්බන්ධයෙන් ඉගෙනගත යුතුයි කියන එක. ඒ කියන්නෙ ඔබ මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් උගත යුතුයි. අන් අය අගය කරන හා අන් අයටත් ප්‍රයෝජනයක් ගත හැකි දෙයක්.

උදාහරණ ගමු.
නිකම්ම වෙබ් අඩවියක් හදන්න, බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන් උනාට හරියන්නෙ නෑ. ඒ ගැන හොඳින් හදාරා ඒ විෂය සම්බන්ධයෙන් හොඳ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික දෙනුමක් එකතු කරගත යුතුයි. එහෙම කරනකම් ඒ දැනුම මූල්‍යමය වටිනාකමක් එක් කරන එකක් වෙන්නෙ නෑ.
වෙබ් ඩිසයින් ගැන ගත්තොත්, HTML, CSS ඉගෙන ගැනීම නෙමෙයි වෙබ් ඩිසයින් කියන්නෙ. typography, design patterns, color combinations, JavaScript සම තවත් ගොඩක් දේවල් ඉගෙන ගැනීමයි. ඒව හැම එකක්ම හොඳින් ඉගෙන ගත්තම ඔන්න ඔබේ අතේ තියෙනව මූල්‍ය වටිනාකමක් තිබෙන දැනුමක්. 

අපි ගමු අපේ බ්ලොග් ලියන්නන්, බ්ලොග් ලියන්නන් බොහොමයකට ලිවීමේ හැකියාව මොනවට පිහිටල තිබෙනව. තාක්ෂණික දෙයක්ද, කතන්දරයක්ද, ඉතාම සිත් ඇදගන්නා විදිහට ලියන්න පුළුවන් අය ගොඩාක් ඉන්නව. 
ඉතින් ඔබ ලියන්න කැමති නම්, ඒකෙන් කියවෙන්නෙ නෑ අරම සිත් ඇදගන්නා බ්ලොග් ලිපියක් ලිවීමම ප්‍රමාණවත් කියල. මුලින්ම ඔබ තීරණය කළ යුතුයි ඔබ ලියන්නෙ මොනව ගැනද කියල. (උදා: විහිළු කතා, බ්ලොග් ලිවීම ගැන, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන. 2D/3D Modeling ගැන ) ඊට පස්සෙ ඔබ කළ යුත්තේ ඒ දේ ගැන හොඳ දැනුමක් එකතු කරගන්න එක, හොඳින් ඒක ඉගෙනගන්න එක. පොත් පත් කියවල, වෙබ් අඩවි පීරල, tutorials බලල, යම් පාඨමාලාවක් හදාරල, ඒ දැනුම එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඒක ඉතා හොඳින් පුහුණු වීමත් වැදගත්. 

ඉතින් අවසානව කියන්නෙ,ඔබට යමක් අවශ්‍ය නම් ඒකට යන්න උත්සාහ කළ යුතුයි. ඔබට ආඩම්බර විය හැකි, දැකිය දැනිය හැකි, අන් අයගේ ප්‍රශංසාවට භාජනය විය හැකි, අන් අයටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඔබට ලබා ගන්න පුළුවන් නම් ඔබ දිනුම්. අන්න ඒකයි සාර්ථකත්වයට මඟ.

ඉතින් ඔබ තාමත් පටන් ගත්තෙ නැත්තම්, ඇයි තවත් බලා ඉන්නෙ???