ඔබත් කල්පනා කරනවද කොහොමද ඔබට ගැළපෙන වෘත්තියක් තෝරාගන්නෙ කියල?
අපේ නොමිලේ ලබාදෙන ඊ-බුක් එකෙන් ඔයාට ඒ ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඊට අමතරව මේ ලිපියත් ඒ සඳහා තවත් ආකාරයක සහයක් වේවි.
මේ සඳහා ප්‍රධාන හා මූලික කරුණු තුනක් අපි සළකා බලමු.
1. ඔබ ගැන දැනගන්න.
- ඔබගේ ශක්තීන්, හැකියාවන්, වටිනාකම් වලට අමතරව, ඔබ කුමනාකාරයේ පුද්ගලයෙක්ද, ඔබගේ දුර්වලතාවයන් මොනවාද කියන දේවල් හඳුනාගන්න. ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනව ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්න.
- ඔබ ගැන ඉගෙනගන්න, ඔබගේ හැකියාවන් හා දුර්වලතාවයන් හඳුනාගත හැකි ක්‍රියාකාරකම් කරන්න.
2. ඔබට තිබෙන විකල්පයන් හඳුනාගන්න. ඒවා පිළිබඳව දැනගන්න.
- විවිධාකාරයේ රැකියා පිළිබඳව සොයා බලන්න. විවිධාකාරයේ රැකියා හඳුනාගන්න. ඒ ඒ රැකියාව තුළ ඔබට සිදුකළ හැකි දේවල් පිළිබඳව සිතා බලමින් ඒ ඒ රැකියා විශ්ලේෂණය කරන්න.
- ඔබට තෘප්තිමත් විය හැකි රැකියා හඳුනාගන්න. එමඟින් ඔබට හොඳින්ම කළ හැකි රැකියා හඳුනාගන්න පුළුවන්. ඔබ දැන් යෙදී ඇති රැකියාවෙන් තෘප්තිමත් වෙනවාද සිතා බලන්න. එසේ නොවෙන්නේ නම් ඒ ඇයිද යන්න හඳුනාගන්න.
- විවිධාකාරයේ අධ්‍යාපන විෂයයන්, ක්ෂේත්‍රයන් පිළිබඳව සොයා බලන්න. විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට පිවිසෙන්න විවිධ අධ්‍යාපන ක්ෂේත්‍රයන් උගත යුතු වෙනවා. ඒවාට ගැළපෙන ආකාරයට පාඨමාලා, උපාධි, ඩිප්ලෝමා උගත යුතු වෙනවා.
- ඔබේම ව්‍යාපාරයක් සිදු කරන එකත් ගොඩක්ම හොඳ විකල්පයක්. හැබැයි ඒකට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක් හා ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා.
- ඔබ කරන රැකියාවෙම තවත් ඉදිරියට යාම, ඒ හැකියාවන් වර්ධනය කරගැනීම පහසු විකල්පයක්. මොකද මේ ඔබ දැනට හොඳින්ම දන්න, ඔබ දැනට ස්ථාපනය වෙලා ඉන්න ක්ෂේත්‍රයක්. ඉතින් එය සිදු කරන්න පුළුවන් ආකාර සොයා බලන්න. (උදා: අදාල වන පාඨමාලාවක් හැදෑරීම)
3. හොඳ තීරණයක් ගන්න.
- ඉහත කිව්ව හැම දෙයක් ගැනම හොඳට හිතල බලන්න, විශ්ලේෂණය කරන්න. ඔබගේ හැඟීම් හරියටම තේරුම් ගන්න ඔබම උත්සාහ කරන්න.
- අපහසුම නම් වෘත්තීය මාර්ගෝපදේශකයෙකුගේ සහය ලබාගන්න.
No comments: